කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ඝාතනය කිරීමට කරන උත්සාහයක් සම්බන්ධව අද (24) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුනේය.
පොලිස්පතිවරයා විසින් කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරිය වෙත යැවූ රහස්‍ය ලේඛනයක මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව විමර්ශන පවත්වන ලෙස ලබා දී තිබූ උපදෙස් පාර්ලිමේන්තුවේ සභාගත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.
ජගත් විතාන මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.
“පොලිස්පති තුමාගෙන් නිවේදනයක් ඇවිත් තියනවා කළුතර නියෝජ්‍ය පොලිස්පතිතුමියට. මාව ඝාතනය කිරීම සඳහා… ගෙදරින් වාහනයෙන් එළියට බහිනකොට මාව ඝාතනය කිරීම සඳහා… පුද්ගලයෙකුගේ නමක් කියලා ඒ පුද්ගලයා විසින් කටයුතු කරනවා කියලා.”
“මේ ගැන විමර්ශනයක් කරන්න කියලා කළුතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමියට නියෝග කරලා තියනවා. ඉතින් මේ ප්‍රකාශය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩි කාලයක් ගන්නේ නෑ. මාව වෙඩි තියලා මරණවා කියලා තියනවා. කෙළින්ම පොලිස්පති තුමා ගේ නිවේදනයේ තිබෙන්නේ. රහස්‍ය නිවේදනයක්.
මම මේක සභාගත කරනවා.
මේ සම්බන්ධයෙන් කථානායක තුමා වශයෙන් සහ අපේ සහෝදර මන්ත්‍රීවරු ලෙස ගත යුතු ක්‍රියාමාර්ගයක් ගනී කියලා මා විශ්වාස කරනවා. “ජගත් විතාන මන්ත්‍රීවරයා කීවේය.
මේ සම්බන්ධව කතානායකවරයාට දැනුම් දෙන බව ඒ අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුවට කීවේය.







