රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අනිවාර්යයෙන් එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනි.
එහිදී ඔහු මෙසේ ද පැවසුවේය.
ලංකාවේ බන්ධනාගාර 36යි. දාන්න පුලුවන් උපරිම සංඛ්‍යාව දහ දහස් පන්සියයි. නමුත් බන්ධනාගාර 36 අපි අද 36000කට ආසන්න සංඛ්‍යාවක් දාගෙන ඉන්නවා. ඉන් සියයට 65ක් තියෙන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදි. මේ අතර අවුරුදු 15 ට අඩු ළමයි 42ක් ඉන්නවා. පිරිමි 19ක් ගැහැණු 23ක්.
ඒකෙන් ගම්‍ය වෙන්නේ අම්මා කළ වැරදි නිසා අවුරුදු 15ට අඩු ළමයි 42ක් බන්ධනාගාර තුළ දුක් විඳිනවා.
එල්ලා මරන්න නියමිත පිරිමි ඉන්නවා බන්ධනාගාර තුළ 805ක්. ගැහැණු 21ක් ඉන්නවා එල්ල මරන්න නියමිත. පාතාල ක්‍රියාකාරකම් තමයි හේතුව. මෙච්චර උගත් බුද්ධිමත් සමාජයක් කොහොමද කුලියට මිනී මරණ මිනිස්සු බවට පරිවර්තනය වුනේ. කොහොමද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගෙනත් මේ රට වනසන තැනට ඒ අය ගෙනාවේ.
මත්කුඩු තියනවා. මත් පැන් තියනවා. තාක්ෂණය තියනවා. මේක සියල්ලම මිස් යූස් කරලා රටේ ළමයි සියල්ල සීඝ්රයෙන් රටේ ළමයි ග්‍රහණය කරගනිමින් ඉන්නවා. මත්ද්‍රව්‍යයක් තියනවා. ගැහුවොත් අවුරුදු දෙකෙන් කම්මුතුයි. මොකක්ද ඒ මත්ද්‍රව්‍ය. ඒක රසායන සංයුතියක්. ශරීරයට ගත්තොත් මැරෙන්නේ වැටිලා.
රටේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අනිවාර්යයෙන් එල්ලා මැරිය යුතුයි. මොකද මේ මිනිස්සු විනාශ කරන්නේ ජාතියක්. ඒ නිසා මා හිතනවා නිරන්තරයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුමයි.







