ලලිත් චාමින්ද –
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කර ඇති ස්වයංක්‍රිය වර්ෂාමාන 33ක් සහ සාම්ප්‍රදායික වැසි මාපක 40ක් අක්‍රිය තත්ත්වයේ පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කොට ඇති ස්වයංක්‍රිය වර්ෂාමාන සංඛ්‍යාව 122කි. නිසි පරිදි නඩත්තු නොකිරිම නිසා මින් වර්ෂාමාන 33ක් අක්‍රිය තත්ත්වයේ පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මධ්‍යස්ථාන 05ක් ඉවත්කොට ඇත.
එමෙන්ම දිවයිනපුරා විසිරි පවතින සාම්ප්‍රදායික වැසි මාපක සංඛ්‍යාව 460කි. ඉන් වැසිමාපක 40කින් දත්ත අඛණ්ඩව නොලැබෙන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙම වැසි මාපකවල නඩත්තු කටයුතු සිදුකර නොතිබු අතර ඉන් ඉවත්කොට ඇති මධ්‍යස්ථාන සංඛ්‍යාව 03කි.
අක්‍රිය ත්ත්වයේ පවතින ස්වයංක්‍රිය වර්ෂාමාන අතුරින් 21ක් අලුත්වැඩියාකරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කොට ඇත. මෙම ස්වයංක්‍රිය වර්ෂමාන 122න් පද්ධති 22ක් මේ වනවිටත් ස්ථාපනය කළ ආයතනයේ වගකිම් කාලය තුළ පවතින අතර ඉන් 12ක් මේ වනවිට අක්‍රියවි ඇති බවද දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කොට ඇත. මේ පිළිබද අදාළ ආයතන දැනුවත්කර ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කොට ඇත.
සාම්ප්‍රදායික වැසි මාපක ඉදිරියේ දි ලැබෙන ප්‍රතිපාදන මත හැකි උපරිම අයුරින් නඩත්තු කිරිමට කටයුතු කරණ බවත් මෙම උපකරණ භාවිතයෙන් දත්ත දෙපාර්තමේන්තුව වෙත ලබාදිම ස්වෙච්ඡා සේවාවක් ලෙස බාහිර පාර්ශවයන් විසින් ඉටුකර දෙන සේවයක් බවත් කාලගුණ විද්‍යා දෙපාරත්මෙන්තුව විසින් විගණනයට සදහන් කොට ඇත.
මෙකී උපකරණ පිරිසිදුව තබාගැනිම සහ අවට පරිසරය මනාව පවත්වාගෙන යාම එම පාර්ශවයන් විසින් සිදුකරණ බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කොට ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.







