සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක අවධානයට ලක්වන අගමැතිනියගේ නිල සංචාර… චීනයේ සිට රටට… ආ පයින්ම නැවත   ඉන්දියාවට…  

by editor
ඔක්තෝබර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී  සිංහල –

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ආසියාවේ බලවත් ම රටවල් දෙකක් වන චීනයේ සහ ඉන්දියාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු තිබේ. එම සංචාරය වැදගත් වන්නේ, ශ්‍රී ලංකාව සමග දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවත්වාගෙන යන රටවල් දෙකක් වන හෙයිනි.

ආචාර්ය හරිනි අමරසූරිය, අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු චීනයේ සහ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන්නේ පළමු වරට ය.

අගමැතිවරිය සිය චීන සංචාරයේදී එරට ජනාධිපති ෂී ජින් පින් සහ මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී ච්‍යං ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.

අගමැතිනිය චීනයට ගියේ ඇයි?

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයෙන්, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයට ළඟා වූයේ, ඔක්තෝබර් 12 වන දා ය.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැනු දරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට මෙන් ම ඔවුන්ගේ ගෞරවය සහ සමානාත්මතාව සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, පවතින මූලධර්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට එක්වෙමින් ප්‍රකාශ කළා ය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

බීජිං නුවර චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා ය.

සෑම මට්ටමකදී ම කාන්තා නියෝජනය සහතික කිරීමට නායකත්ව කටයුතු සහ තීරණ ගැනීමේදී කාන්තා සහභාගීත්වය වැඩි කිරීම සඳහා මෙන් ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023–2027) ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික වශයෙන් ක්‍රියාත්මක වන කැපවීම අග්‍රාමාත්‍යවරිය තවදුරටත් මෙහිදී අවධාරණය කළා ය.

“1995 බීජිංහි පැවති කාන්තාවන් පිළිබඳ ලෝක සමුළුවෙන් වසර තිහකට පසුව වුවත් අපි තවමත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ළඟා කර ගන්න එම පුළුල් රාමුව තවමත් යොදා ගන්නවා. අපි මේ වන විට සැබෑ ප්‍රගතියක් ළඟා කරගෙන තියෙනවා. කාන්තා සාක්ෂරතාව සැලකිය යුතු ලෙස ඉහළ ගිහින් තිබෙනවා, මාතෘ මරණ සංඛ්‍යාව අඩකින් පමණ අඩු වෙලා වගේ ම ගෝලීය ආයු අපේක්ෂාව 1995 දී අවුරුදු 69 ලෙස පැවති එය 2023 දී අවුරුදු 76 දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙත් තවමත් අවධානය යොමු නොවූ අංශ ගණනාවක් තියෙනවා.”

“ශ්‍රම බළකායේ කාන්තා සහභාගීත්වය සලකා බැලීමේදී පිරිමි සහභාගීත්වය 73% වන විට ඊට සාපේක්ෂව කාන්තා සහභාගීත්වය 48.7% ක් පමණයි, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල අඩු කාන්තා නියෝජනය ඇති අතර කාන්තා ප්‍රතිශතය උපාධිධාරීන්ගෙන් 35% ක් පමණයි, කාන්තාවන්ට බලපා ඇති ආහාර අනාරක්ෂිතභාවය සැලකීමේදී පිරිමින්ට වඩා කාන්තාවන් මිලියන 47.8 ක් මධ්‍යස්ථ හෝ වැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී සිටිනවා. ඒ වගේ ම දේශපාලන සමානාත්මතාව අත් කරගැනීමේදී පවතින්නේ ඉතාමත් මන්දගාමී ගමනක්. ඒ නිසා කාන්තාවන්ගේ සංවර්ධනය කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය, දේශපාලනය, සමාජය සහ සංස්කෘතිය හරහා සිදුවිය යුතු සාකල්‍ය ක්‍රියාවලියක්,” සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

කම්කරු පන්තියේ සහ ආන්තිකකරණයට ලක්වූ ප්‍රජාවන්ගෙන් පැමිණෙන කාන්තාවන් ඇතුළු විවිධ සමාජ පසුබිම්වල සිටින කාන්තාවන්ගේ නියෝජනය තහවුරු කිරීමට පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම අග්‍රාමාත්‍යවරිය තහවුරු කළා ය.

චීන ජනපති දුන් පොරොන්දුව

චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් සිදුවිය. එහිදී චීන ජනාධිපතිවරයා සහතික කළේ, වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගයක් ලබා දෙන බව ය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, දිගුකාලීන මිත්‍රත්වය සහ බහුවිධ සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

දිගු කලක් පුරා දෙරට අතර පවතින මිත්‍රත්වය සඳහන් කරමින්, චීනයේ නවීකරණය පිළිබඳ ජනාධිපති ෂී ජින් පින්ගේ දැක්ම චීනයට පමණක් නොව අනෙකුත් ජාතීන්ට ද අදාළ වන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අවධාරණය කළා ය.

මෙහිදී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති හරහා ලබා ඇති ප්‍රගතිය ඉස්මතු කළ අග්‍රාමාත්‍යවරිය, චීනය, ශ්‍රී ලංකාවේ වැදගත් සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ‘එක් තීරයක් එක් මාවතක්’ ව්‍යාපෘතිය තුළින් ශ්‍රි ලංකාවට චීන රජයේ අඛණ්ඩ සහාය බලාපොරොත්තු වන බව ද පවසා සිටියා ය.

ශ්‍රී  ලංකා ආර්ථිකය අත් කරගෙන ඇති මෑතකාලීන ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ රජයට සිය සුබ පැතුම් එක් කළ චීන ජනාධිපතිවරයා, දෙරට අතර පවතින සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ වැදගත්කම අවධාරණය කරමින් වෙළෙඳ, සංචාරක, අධ්‍යාපනය සහ ජනතාව සමග සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව සහතික කළේ ය.

සමකාලීන ගෝලීය පාලනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන චීන ජනාධිපතිවරයාගේ ගෝලීය පාලන මුලපිරීම සඳහා ශ්‍රී ලංකාව සිය සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළා ය.

චීන අගමැතිවරයා සමග සිදුවූ හමුව

මේ අතර මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී ච්‍යං අතර බීජිංහිදී සිදුවූ හමුවේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ, සිය පළමු චීන නිල සංචාරය හරහා දෙරටේ වෙළෙඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබෙන බව ය.

ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන්, නිල ණය හිමි කමිටුවේ සාමාජිකයින් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෑතකාලීන ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධන ගමන් පථය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් චීන අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළ අතර, ඒ සඳහා චීනය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පැසසුමට ලක් කළා ය.

චීනයේ එක් තීරයක් එක් මාවතක් (BRI) ව්‍යාපෘතිය යටතේ ලැබෙන අඛණ්ඩ සහයෝගීතාවය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස චීනයේ භූමිකාව අවධාරණය කරමින් ජාතික හා කලාපීය සම්බන්ධතාවයට සහ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වන අඛණ්ඩ සහ යෝජිත ව්‍යාපෘති පිළිබඳ සඳහන් කළා ය.

කාර්මික සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව සහ කාර්මික හා සැපයුම් දාම සහයෝගීතාව පිළිබඳ 2025 මැයි මාසයේ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුගත වෙමින් ආයෝජන හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේද යටතේ හම්බන්තොට ඇසුරුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සිදු කළ යෝජනාව ඇතුළුව, වෙළඳාම සහ ආයෝජන සඳහා අවස්ථා පිළිබඳ අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා ය.

පොහොර සැපයුම් ඇතුළුව දේශීය නිෂ්පාදනය සඳහා යෙදවුම් සඳහා පහසුකම් සැලසීමේ පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය අග්‍රාමාත්‍ය ලී ච්‍යං සමඟ සාකච්ඡා කළ අතර චීන වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ අංශයට සහයෝගය ලබාගත හැකි මාර්ග පිළිබඳ අවදානය යොමු කළා ය.

මේ අතර චීන මහජන දේශපාලන උපදේශන සමුළුවේ ජාතික කමිටුවේ සභාපති සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර හමුවක් ද සිදුවිය.

චීනයේ ඉඳන් පැමිණ අනික් පැත්තට ඉන්දියාවට…

සිය සිව්දින චීන නිල සංචාරය නිමවා ඔක්තෝම්බර් 15 වන දා රාත්‍රියේ නැවත දිවයිනට පැමිණි අගමැති හරිනි අමරසූරිය ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා නැවත ඔක්තෝබර් මස 15 වන දා පිටත් විය.

ඉන්දියාවේ සංචාරයේදී සිදුවන්නේ කුමක් ද?

ඉන්දීය සංචාරය අතරතුර, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ තවත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, 2025 NDTV ගෝලීය සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිත අතර එහිදී අග්‍රාමාත්‍යවරිය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත.

මෙම සමුළුව හරහා ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ චින්තන නායකයින් එක තැනකට එක් වී ජාත්‍යන්තර අභියෝග සහ නැගී එන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපනය, නවෝත්පාදනය සහ තාක්‍ෂණය පිළිබඳ සහයෝගීතාව සඳහා අවස්ථා පුළුල් කර ගැනීම අරමුණු කර ගනිමින් දිල්ලියේ පිහිටි ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සහ NITI Aayog සංවර්ධන සහ පර්යේෂණ ආයතනය නැරඹීමට ද එක් වීමට නියමිත ය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග හමුව

මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් හමුවිය.

එහිදී ආර්ථික සහයෝගීතාව, සම්බන්ධතා ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය, සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන ලද සහයෝගය අගය කළ අග්‍රාමාත්‍යවරිය, කලාපයේ සමීප අසල්වැසියෙකු සහ දිගුකාලීන හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව සමඟ සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව පැවසු බව අගමැති මාධ්‍ය ඒකකය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන න්‍යාය පත්‍රය යටතේ ඩිජිටල්කරණය, තාක්ෂණ හුවමාරුව සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කළ අතර නිෂ්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය සහ පර්යේෂණ සේවා ක්ෂේත්‍රයන්හි ඉන්දීය ආයෝජන කටයුතු සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා පිළිබඳ අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය, ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන බවද ප්‍රකාශ කළා ය.

දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ලැබුණු පිළිගැනීම

මේ අතර, දිල්ලි විශ්වවිද්‍යාලයේ   හින්දු විද්‍යාල  ආදි ශිෂ්‍යාවක වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, මෙම සංචාරය අතරතුර ඇය ඉගෙනුම ලැබූ දිල්ලියේ පිහිටි හින්දු විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් දේශනයක් ද පැවැත්වීය.

එහිදී විශ්විවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය, පීඨ සාමාජිකයින් සහ සිසුන් විසින් අග්‍රාමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඇයගේ ජයග්‍රහණ අගයමින්, විශ්වවිද්‍යාල   පරිශ්‍රයේ “හරිනි අමරසූරිය සමාජ සහ ජනවාර්ගික පර්යේෂණාගාරය” ලෙස නම් කරන ලද නව පර්යේෂණ ඒකකයක් විවෘත කරන ලදී.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය තමන් ආධ්‍යාපනය හැදැරූ පන්ති කාමර නැරඹීමට එක්වූ අතර, හින්දු විද්‍යාලය හරහා අගමැතිනියගේ අධ්‍යයන ගමන මෙන් ම සමාජ සාධාරණත්වය, සමානාත්මතාව සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැපවීම සඳහා විද්‍යාලය තුළින් ලද පන්නරය සිහිපත් කරමින් ශිෂ්‍යාවක ලෙස ගත කළ කාලය පිළිබඳ අත්දැකීම් සිසුන් සහ කාර්ය මණ්ඩලය සමග බෙදා ගත්තා ය.

සිසුන් ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ‘අධ්‍යාපනය යනු හුදෙක් තම අනාගතය සුරක්ෂිත කර ගැනීමක් පමණක් නොවන බවත්, එමගින් අන් අයගේ අනාගත අභිවෘද්ධිය සඳහා ද අපව සූදානම් කරන බවත්’ සඳහන් කරමින් කුතුහලය, සහකම්පනය සහ විවේචනාත්මක චින්තනයේ වටිනාකම පිළිබඳව අවධාරණය කළා ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අස්වැසුම යටතේ පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට නව වැඩසටහනක්!

Next Post

රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.