ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ අස්වැසුම ප්‍රතිලාභ ලබන දුප්පත් සහ අන්ත දුප්පත් පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගිනි.
අදාළ ව්‍යාපෘති මඟින් තෝරා ගත් පවුල් සඳහා ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා මත පදනම්ව ගිවිසුම් ගතවී රුපියල් ලක්ෂ එක හා එක් ලක්ෂ පනස් දහසක් දක්වා මූල්‍යාධාර ලබා දීමට නියමිත ය.
මෙම වැඩසටහන 2025 සිට 2027 දක්වා කාලය තුළ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 143ක් සහ ග්‍රාමසේවා වසම් 839ක් ආවරණය කරමින් ප්‍රතිලාභී පවුල් 23,775කට මූල්‍යාධාර ලබා දීමට නියමිත ව තිබේ.
අදාළ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර තිබේ.
වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මෙහි මුලිකත්වය දක්වයි.







