බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිල්ටෙරිකාර නෙවිල්,  කමල් හා සුනිල් ගේ  කතා වස්තුව හෙවත් 76වන යුද හමුදා සංවත්සරයට පෙරවදනක්…

by editor
ඔක්තෝබර් 6, 2025 - Updated on ඔක්තෝබර් 7, 2025
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

  • කොමාන්ඩෝ රෙජිමේන්තුව හැදූ සුනිල්ට දෙන්න බෑ කී උසස්වීම පහ පාස් නෙවිල්ට දුන් කමල්…මේක බලන්නම ඕන කතාවක්…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ   පෞද්ගලික ආරක්ෂකයා වූ ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි වත්කම් ප්‍රකාශ වසන් කිරීමේ වරදට මේ වන විට බන්ධනාගාර ගත කර සිටී. ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙවෙච්ඡා සේවා බලකායේ රියදුරකු ලෙස සේවයට බැඳුන නෙවිල් වන්නිආරච්චි ලුතිනන් කර්නල් වරයකු දක්වා උසස්‍වීම් ලැබුවේ හමුදා සේවයේ හපන්කම් දක්වා නොවේ. රාජපක්ෂලාට වහල් සේවයේ නිරත වීමෙනි.

මහින්ද රාජපක්ෂ තව දුරටත් මෙරට ජනපති ධුරයේ සිටියේ  නම් නෙවිල් වන්නිආරච්චිට ඇතැම්විට ෆීල්ඩ් මාර්ෂල් දක්වා උසස් වීමට ඉඩ හැකියාව තිබුණි.

හමුදා සේවයට එක් වීමට පෙර නෙවිල් වන්නිආරච්චි හිටියේ බෙලිඅත්ත නගරයේ ට්‍රැක්ටර රියදුරෙකු විදියටය. පහ වසර දක්වා පාසැල් ගොස් ඇති ඔහු හරි හමන් අධ්‍යාපනයක් නොලද අයෙකි. නෙවිල් වන්නිආරච්චිගේ පියා බෙලිඅත්තේ  ජීවත්වූ අහිංසක කුලී කම්කරුවෙකි.

නෙවිල් වන්නිආරච්චිට ස්වෙච්ඡා පොදු සේවා බලකායේ රියදුරෙකු ලෙස සේවයට එක් වීමට උපකාර කරන්නේ බෙලිඅත්තේ මේජර් කපිල දිසානායකය. මෙම මේජර්වරයා ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගියේය.

හමුදා සේවයේ  නිරතව සිටි නෙවිල් වන්නිආරච්චි මහින්ද රාජපක්ෂගේ රියදුරු ලෙස සම්බන්ධ කරවන්නේ  බෙලිඅත්තේ පොඩි විදානේ නම් ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලි කරුවෙකි. පොඩි විදානේ  ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වුවද රාජපක්ෂ පවුලේ ඉතා සමීපතම මිත්‍රයෙක් විය. මහින්ද රාජපක්ෂ ගේ රියදුරා ලෙස සම්බන්ධ වූ නෙවිල් ඔහු අග්‍රාමාත්‍යවරයාව සිටියදී දෙවන ලුතිනන් වරයකු ලෙස පත්වීමක් ලබා ගත්තේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එතැන් සිට ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමිෂන් ලත් නිළධාරියකු ලෙස අනුපිළිවෙලින් උසස්  වීම් ලබා ගෙන තිබේ. කොමිෂන් ලත් නිළධාරියකු උසස්වීම් සඳහා සපුරාලිය යුතු ප්‍රායෝගික හා ලිඛිත  පරීක්ෂණ ඔහුට අදාල නොවීය.

මහා රණවිරුවන් ලෙස පදක්කම් එල්ලා ගත් ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්‍න  වැන්නන් පවා නෙවිල් වන්නිආරචිචිගේ බල පරාක්‍රමය ඉදිරියේ කුරු මිට්ටන් විය. එවකට සිටි පොලිස් පතිවරුන්ද රාජකාරි කෙරුවේ නෙවිල් ගේ පාලනය යටතේය.

අප මේ නෙවිල් වන්නිආරච්චිගේ පැටිකිරිය මෙහි සඳහන් කෙරුවේ වෙනත් කතාවක් හා ගලපා ගැනීම සඳහාය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 76 වන සංවත්සරයට ඇත්තේ තව දින කිහිපයකි.

25 වන යුද හමුදාපතිවරයා යටතේ එම සංවත්සරය මහත් අභිමානවත් ආකාරයෙන් පැවැත්වෙන බවට කිසිම සැකයක් නැත. යුද හමුදාවේ හමුදාපතිවරුන් 25 දෙනා අතුරෙන් හමුදාව තුළ පරිවර්තනීය වෙනසක් කළ හමුදාපතිවරයෙකු ලෙස මේජර් ජනරාල් ඩෙනිස් පෙරේරා හැඳින්විය හැකිය. මෙහිදී හමුදාපතිවරුන් ලෙස සිටි අනෙකුත් හමුදාපතිවරුන් ඒ ඒ කාල වකවානුවල යුද හමුදාව වෙත දැක්වූ වෘත්තිමය දායකත්වය කිසිසේත්ම අඩුවක් නැති බවද සඳහන් කළ යුතුය.

මේජර් ජනරාල් ඩෙනිස් පෙරේරා හමුදාපතිවරයා බවට පත් වන්නේ මෙරට ආර්ථික අර්බුදයකට ලක්ව සිටි අවධියකය. ඒ සමාජ වටපිටාව තුළ පැවැති බොහෝ දුෂ්කරතාවන් හමුදාව තුළද පැවතුණි. දේශපාලනිකව මෙරට ආණ්ඩු වෙනසක් ඇතිවීමත් සමගම මෙරට පැවැති සංවෘත ආර්ථිකය විවෘත ආර්ථිකයක් දක්වා ගෙනයාමට පාලකයන් විසින් ක්‍රියා කෙරිණි. ආණ්ඩුව ධර්මිෂ්ඨ පාලනයක් බවට වර නැගිණි. රාජ්‍ය නායකයා සමාජය සිංහල බෞද්ධකමින් උත්කර්ෂයට පත් කෙරුවද ඔහුගේ ආණ්ඩුකරණ චින්තනය තුළ එවැනි පරිචයක් නොතිබුණ බවට බොහෝ උදාහරණ තිබේ. කතෝලිකයකු වූ මේජර් ජනරාල් ඩෙනිස් පෙරේරාට හමුදාපතිවීමට අවස්ථාව ලැබෙන්නේ  ඒ නිසාය. සුදුස්සාට සුදුසු තැන හිමි කරදීම ඒ රාජ්‍ය නායකයා තුළ පැවති ගුණාංගයකි.

කෙසේ වෙතත් මා මෙහිදී මේජර් ජනරාල් ඩෙනිස් පෙරේරාගේ ආගමික පසුබිම මතු කරන ලද්දේ වර්තමාන හමුදාපතිවරයාට එරෙහිවද  ඔහුගේ ආගමික විශ්වාසය පදනම් කර ගනිමින් ජාතිවාදී යූ ටියුබයන් කණ්ඩායමක් මඩ ප්‍රචාරයක් ගෙන යමින් සිටින බැවිනි. මේජර් ජනරාල් ඩෙනිස් පෙරේරා ගේ හමුදාපති කාර්ය භාරයට තමන් පෞද්ගලිකව විශ්වාස කළ ආගමික පසුබිම බාධාවක් නොවූ බව ඔහු විසින් යුද හමුදාව වෙත ඉටු කරන ලද මෙහෙවර හැදෑරීමෙන් විනිශ්චය කර ගත හැකිය. ඒ සඳහා වූ හොඳම උදාහරණය පනාගොඩ හමුදා සංකීර්ණය තුළ ඉඳි කරන ලද විහාරස්ථානයයි. ශ්‍රී ලංකා යුද හමුදාව තුළ කමාන්ඩෝ රෙජිමෙන්තුව හා කාන්තා බලකායද ස්ථාපිත කරන ලද්දේ මේජර් ජනරාල් ඩෙනිස් පෙරේරා හමුදාපතිව සිටි කාල වකවානුවේය.

සුනිල් දයාලන් පීරිස් 

මේ ලියවිල්ලට පදනම සැපයෙන්නේද කමාන්ඩෝ රෙජිමෙන්තුව ආශ්‍රිත තොරතුරුය. මෙරට කමාන්ඩෝ රෙජිමෙන්තුව පිහිටුවීමේ වගකීම හමුදාපති මේජර් ජනරාල් ඩෙනිස් පෙරේරා විසින් බාර දෙන්නේ එවකට පළමුවන ගැමුණු හේවා බලඇණියේ කපිතාන් වරයෙකු වූ සුනිල් දයාලන් පීරිස්ටය.

විශ්‍රාමික ලුතිනන් කර්නල් සුනිල් දයාලන් පීරිස් විසින් පසුගියදා සිය වෘත්තිමය දායකත්වය පිළිබඳව කමාන්ඩෝ පිය සටහන් නම් ස්වයං චරිතාපදාන ග්‍රන්ථයක් රචනා කරන ලදී. කමාන්ඩෝ රෙජිමෙන්තුව ආරම්භ කිරීමේ වගකීම එවකට අගමැතිව සිටි ජේ.ආර්.ජයවර්ධන විසිනි ඔහුට පැවරූ මොහොත ගැන ඔහු එහි සඳහන් කර ඇත්තේ මෙසේය.

“….කමාන්ඩෝ විශේෂ හමුදා ඒකකය ස්ථාපිත කර එයට නායකත්වය දීමේ වගකීම අප ඔබට බාර දීමට තීරණය කළා” යන අගමැතිතුමාගේ වචන මා සවනට ගැටුණේ RPG පිපිරුම් කම්පනයක් ඇති කරවමිනි. තිගැස්සී අසුනේ කෙළින් වී හිඳ ගතිමි.

“අපට ඔබ ගැන ලැබී ඇති රෙකමදාරු හා වාර්තා අනුව මේ වැඩේට සුදුස්සා ඔබ යැයි අප සිතමු. ඔබට අවශ්‍ය සියළු ප්‍රතිපාදන අප ලබා දෙන්නෙමු. සංවිධාන ව්‍යුහය, අවශ්‍ය පිරිස් අනුයුක්ත කර ගැනීම, පුහුණු කටයුතු සැළසුම් කිරීම, ඒකකය ස්ථාපිත කිරීම යන සියල්ල ඔබ කළ යුතුය. හමුදාපතිතුමා සමග වැඩි විස්තර සාකච්ඡා කළ හැක. අප සියළුදෙනා ඔබට සහයෝගය දෙන්නෙමු.”

“වසර තුනක් තුළ එම විශේෂ කණ්ඩායම ජනිත විය යුතුය “අගමැතිතුමා පැවසීය.

(උපුටනය අවසන්)

මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨ පෞරෂය තුළ කාවැදුන රණකාමී රෙජිමෙන්තුවක් ලෙස කමාන්ඩෝ රෙජිමෙන්තුව මුද්‍රාගතව පවතී. එසේම කමාන්ඩෝ රෙජිමෙන්තුව තුළ  අනූපමය ගෞරවභිමානයෙන් නිබඳව සිහිපත් කරන නිළධාරියා වන්නේද ලුතිනන් කර්නල් සුනිල් දයාලන් පීරිස්ය. කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ගැඹුරු ආත්මීය ස්මරණය තුළ ලුතිනන් කර්නල් සුනිල් දයාලන් පීරිස් වෙත දක්වන ගෞරවය එහි විශ්‍රාමික සෙබළුන් හා වර්තමානයේ සේවයේ නිරත කමාන්ඩෝ  රෙජිමෙන්තුවේ සෙබළුන් තුළද පැවතීම අඛන්ඩ ඥාතිත්වයකින් බැඳී පවතින්නකි. මේ සියළුම සෙබළුන් ලුතිනන් කර්නල් සුනිල් දයාලන් පීරිස් හඳුන්වන්නේ FATHER OF COMMANDO යන ආදරණීය භාවිතයෙනි.

කපිතාන් සුනිල් දයාලන් පීරිස් ගනේමුල්ල කමා⁣න්ඩෝ කඳවුර ගොඩ නැගීම සඳහා මුල් ගල තැබීමේ අවස්තාව

ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමෙන්තුව ගොඩ නැගූ මෙි විශිෂ්ට හමුදා නිළධාරියාට ඉතා අවාසනාවන්ත ආකාරයෙන් යුද හමුදාව අත් හැර යාමට සිදුවූ සිද්ධිය මෙරට මානව හිමිකම් ඉතිහාසයේ රන් අකුරින් ලියා තැබිය යුතු අතිශය වටිනාකමකින් යුතු කැපකිරීමක් ලෙස සඳහන් කළ හැකිය. සිය වෘත්තිය ගමන් මග කෙළවර මෙරට හමුදාපති ධුරයට පවා පත්වීමට බොහෝ සුදුසුකම් සපුරා සිටි මේ ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියා හමුදාව අත් හැර යන්නේ තරුණ ජීවිත 26 දෙනෙකුගේ මෙලේච්ඡ අළුගෝසුවා වීම ප්‍රතික්ෂේප කරමිනි. ලුතිනන් කර්නල් සුනිල් දයාලන් පීරිස් සිය ස්වයං චරිතාපදානය වූ “කමාන්ඩෝ පිය සටහන්” ග්‍රන්ථයේ අවසාන පරිච්ඡේදයේ ඒ පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙසේය.

“….මෙහි අවසාන පරිච්ඡේදය මා ලියන්නේ බලවත් සිත් තැවුලකිනි. මෙම සිද්ධිය මතක් කරන්නේ පිළිකුලෙනි. මා යුද හමුදාවට බැඳුුනේ මහත් බලාපොරොත්තු ඇතුවය. අහම්බෙන් ලැබූ කමාන්ඩෝ අභියෝගය ජය ගත්තා මෙන්ම යුද හමුදාව තුළ ඉහළට යෑම හා දුර ගමනක් යෑම මගේ අභිප්‍රාය හා සිහිනය විය. ජීවිතයේ බොහෝ අවස්ථාවන්හිදී අත්දැකීමට ලැබුණු සිද්ධීන් හරහා මනා පන්නරයක් ලැබූ මම  සියළු අත් දැකීම් මගේ උන්‍නතිය සඳහා යොදා ගතිමි. මේ කතාවේ අවසානයට මම දැන් පැමිණ ඇත්තෙමි. මගේ  සිහිනය සම්පූර්ණයෙන්ම එළි දැකීමට නොහැකි වුවද අදටත් මම  කශේරුකාවක් ඇති ප්‍රෞඩ මිනිසකු සේ අභිමානයෙන් ජීවත් වෙමි. ඒ හරි දේ කළ නිසාය. දෙවියන් වහන්සේ මගේ සාක්‍ෂිය වනු ඇත.

1988 මැයි මස එක් දිනක පාන්දර 09.30ට පමණ මට දුර කථන ඇමතුමක් ලැබුණි.

එය නරක සිහිනයක් වූවා නම් හොඳ යැයි මට සිතේ. නමුත් එය සිහිනයක් නොවීය.

දුරකථනය නාද වු විට එතරම් පාන්දර ඇමතුමක් ලැබීම දුලබ වුවද ඇමතුමට පිළිතුරු දෙන තෙක්ම දිගටම නාද වන්නට විය. මා අභියස නිදා සිටි මගේ බිරිඳගේද නින්ද කඩාකප්පල් විය. දුරකථන ඇමතුම ලබා ගත් මා හට ඇමතූ දුරකථන ක්‍රියාකරුවෙකු කියා සිටියේ එවකට ආණ්ඩුවේ බලගතු නිළධාරියකු හට මා හා කතා කිරීමට අවශ්‍ය බවය. වහා ඇඳෙන් නැගිට ගත් මා අවශ්‍ය ගෞරවය හා සැළකිල්ල ඇතුව ඔහුට ආමන්ත්‍රණය කළෙමි.

“ගුඩ් මෝ‍ර්නිං සර්”

“අයිසෙ ඔය කර්නල් පීරිස්ද?” ඔහු ඇසුවේය.

“ඔව් ඒ මම”.. මම පැවසුවෙමි

එවිට ඔහු “මම කොල්ලො 26 දෙනෙක්ව දැන් බස් එකට දාල කඳවුරට එව්වා. දැන් ඔතැනට ඇවිත් ඇති. දන්නවනේ උන්ට මොනවද කරන්න ඕන කියලා” යනුවෙන් පැවසීය.

“සොරි සර්, මම දන්නෙ නෑ මොනවද  කරන්න ඕන” මම ඇසුවෙමි.

“මොකක් දන්නේ නෑ . හැම එකාම දන්නවා. මේ වගේ එවුන් එව්වහම කරන්‍න ඕන දේ තමන් විතරයි නොදෙන්නෙ. දන්නෙ නැතිනම් තමුසෙ මොකටද ඔතැන වාඩි වෙලා ඉන්නෙ.”ඔහු පරුෂ ලෙස ඇසීය.

මේ මොන විකාරයක්දැයි මට සිිතිණි.

සම්‍පූර්ණයෙන්ම ප්‍රෙහෙළිකාවක් විය.

හිතට තරහක්ද නැගුණි. මෙලෙස කිසිවෙකු මීට පෙර මා හට කතා කර නැත. උදෑසන සුභ නොවීය.උරණ වූ මා සර් නොකියමින් ඔහුගෙන් මෙසේ ඇසුවෙමි. “මොනවද කරන්න ඕන. කඳවුරේ රස්සාවල් දෙන්නද නැති නම් ගාඩ් රූම් එකේ රඳවගෙන ප්‍රශ්න කරන්නද?” මම ඇසුවෙමි.

මෙම සංවාදය ඉතා උණුසුම් විය. මේ මිනිහාගෙන් නිකරුණේ දොස් නොඅසන බව මම තරයේ සිතා ගත්‍තෙමි. කලක් වතු අධිකාරීවරයකු වූ ඔහු වතුකරයේ භාෂාවෙන් මට බැණ වැදුනි.

“අයිසෙ තමුන් දන්නවද මම ලුතිනන් කර්නල් කෙනෙක්…  ඔයිට වඩා හොඳ විදියට මට අවශ්‍ය දේ කරන්න පුළුවන්”.

“ඔව් තමුුුන් රයිෆල් බලකායෙ කෙනෙක්… එමෙන්ම යුද හමුදාව හා එහි සම්ප්‍රදායන් ආචාර ධර්ම නොදන්නා කෙනෙක් ” මමද  ආපසු ප්‍රති උත්තර දුන්නෙමි. ඉන්පසු ඇතිවූ බහින්බස් වීමේ වචන හුවමාරුව මෙහි ලේඛන ගත කළ නොහැක.

“ඔක්කොම ඉවරයි” කියමින් මම ඇඳෙන් නැගිට්ටෙමි. මම ඉල්‍ලා අස්වීමට තීරණය කෙරුවෙමි…

නිකරුණේ තරුණ ජීවිත ඝාතනය කිරීමේ හෝ ප්‍රජාව විනාශ කිරීමේ මානසිකත්ව ඇති බලධාරීන් සිටින රජයකට සේවය කරන්නට මා හට කිසිසේත් බැරි බව මම දැන සිටියෙමි…”

(උපුටනය අවසන් )

එදින දුරකථන අංක 011 532383යට ඒ ඇමතුම ලැබුණ බව ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සංඥා මැදිරියේ රාජකාරි කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ සේවය කර දැනට විශ්‍රාම ගොස් සිටින ගයාන්  වික්‍රමආරච්චි පවසා සිටී.

ලුතිනන් කර්නල් සුනිල් දයාලන් පීරිස් ඔහුගේ ස්වයං චරිතාපදානයේ නම සඳහන් නොකරන ආණ්ඩුවේ මේ ප්‍රධානියා එවකට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාව සිටි රන්ජන් විජේරත්නය. රන්ජන් විජේරත්න ඒ වන විට පාර්ලිමේන්තුව නියෝජනය  නොකෙරුවද ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම සඳහා පැරා මිල්ටෙරි කණ්ඩායම්වලට අණදෙමින් හා ඒවාට අත් උදව් සපයමින් සිටියේය .

කමල් ගුණරත්න

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ කාලයේදී කමාන්ඩෝ රෙජිමෙන්තුවේ විශ්‍රාමික සෙබළුන් පිරිසක් කර්නල් සුනිල් දයාලන් පීරිස් “සම්මානිත මේජර් ජනරාල්” ධුරයට උසස් කරන ලෙස ලිඛිත ඉල්ලීමක් රැගෙන එවකට ජනපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වරයා වූ තුසිත හල්ඔළුව හමු විය. මේ අවස්ථාවේ තුසිත හල්ඔළුව දුරකථන ඇමතුමකින් එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා වූ මේජර් ජනරාල් කමල් ගුණරත්නගෙන් මේ සඳහා ගත යුතු ක්‍රියා මාර්ගය විමසීය. එහිදී මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසා ඇත්තේ පැවැති ආණ්ඩුවක නිළධාරියකු ගේ නියෝගයකට පිටුපා ලුතිනන් කර්නල් සුනිල් දයාලන් පීරිස් හමුදාවෙන් ඉල්ලා අස් වී ඇති නිසා එම ඉල්ලීම ඉටු කිරීමට නොහැකි බවටය.

සැබැවින්ම ආණ්ඩුවේ නිළධාරියා දුන් ඒ මෙලේච්ඡ නියෝගය ගැන කමල් ගුණරත්න හට හොඳ අවබෝධයක් පවා තිබුණ බවට සැකයක් නැත. තරුණයන් 26 දෙනෙකුගේ ජීවිත කමල් ගුණරත්න වැන්නෙකුට වැදගැම්මක් නැති බව ඉන් තහවුරු කර ගත හැකිය.

ලුතිනන් කර්නල් සුනිල් පීරිස් සම්මානිත මේජර් ජනරාල් ධූරයට පත් කිරීමට ජනපතිවරයාට නිර්දේශ නො කළ මේ කමල් ගුණරත්න ඒ ආසන්න දින කාල වකවානුව තුළදීම නෙවිල් වන්නිආරච්චි ලුතිනන් කර්නල් ධුරයට පත් කිරීමට ජනපතිවරයාට නිර්දේශ කර කළේය.

කමල් ගුණරත්න සිය පැවැත්ම සදහා ගඳ ගහන අසූචි වට්ටියක් පවා හිස මත තබා ගන්නා අයෙකු බවට ඒ සහතිකය හොඳටම සෑහේ. තරුණයන් මරා නොදමා හමුදා සේවයෙන් ඉල්ලා අස්වූ ලුතිනන් කර්නල් සුනිල් දයාලන් පීරිස් වැන්නකු හා සසඳන විට කමල් ගුණරත්නගේ ව්‍යාජ රණවිරු සළු පිළි ලිහා වැටේ.

කෙසේ වෙතත් ලුතිනන් කර්නල් සුනිල් දයාලන් පීරිස් සම්මානිත මේජර් ජනරාල් ධුරයට පත් කළ හැකි නම් එය මෙරට සමාජයට දෙන පූර්වාදර්ශී පණිවුඩයක් වනු ඇත.

එහි සම්මානිත වැදගත් කම  පවතින්නේ අනෙක් මිනිසාගේ හුස්ම ගන්නා ජීවිතය තමන්ගේ බඩ රස්සාවට වඩා ගෞරවණීය හා වැදගත් බව සිතූ මිනිසුන් මේ සමාජයේ ජීවත්වූ බවට සාක්ෂියක් වන බැවිනි. ඒ සාක්ෂිය තවත් ප්‍රබල වන්නේ මේ කැප කිරීම කළ මිනිසා මිල්ටෙරි කාරයෙක් වන නිසාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දීපවාලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිනපතා නැවු සේවාවක්!

Next Post

ලෝක ගෘහස්ථ ක්‍රිකට් ශූරතාවය  ඔස්ට්‍රේලියාවට… කාන්තා සහ පිරිමි අංශ දෙකම දිනුම්…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.