සම ලිංගිකත්වය මුල් කරගෙන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් රටේ ක්‍රියාත්මක කිරීමේ අදහසක් නොමැති බවත් රට තුළ සංචාරක ප්‍රවර්ධනය සඳහා වන රජයේ සැලැස්ම රටේ පොහොසත් සංස්කෘතික උරුමය, ස්වාභාවික සෞන්දර්යය සහ ආගන්තුක සත්කාරශීලී ජනතාවගේ මානුෂීය ගුණය ලෝකයට රැගෙන යෑමට පමණක් සීමා වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මල්වතු අස්ගිරි උභය පාර්ශවයේ මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයට සහතික කළේය.
පසුගිය සිකුරාදා (03) ජනාධිපතිවරයා මෙම තහවුරුව ලබා දෙන්නේ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් මෙන්ම කාදිනල්වරයාගේ බලවත් විරෝධය මේ සංකල්පය කෙරෙහි ප්‍රකාශ වීමත් සමග ඒ සම්බන්ධව රජයේ ස්ථාවරය පැහැදිලි කරමිනි.
මේ අතර, බ්‍රහස්පතින්දා බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති 2026 සංචාරක ප්‍රදර්ශනයේ සංචාරක නායකයින්ගේ සමුළුවේදී කතා කළ සංචාරක කටයුතු විෂය භාර අමාත්‍ය විජිත හේරත් ද පැවසුවේ LGBTQI සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, සංචාරක කර්මාන්තයේ ගුණාත්මකභාවය පහත හෙලීමටත් රජයට කිසිදු අදහසක් නොමැති බවය.
“LGBTQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තියක් නොවේ… අපි කිසිදු විශේෂිත සංචාරක කණ්ඩායමකට වෙනස්කම් කරන්නේ නෑ… අපි ඔවුන් සැමට එක හා සමානව සලකනවා,” ඔහු පැවසීය.







