ශ්‍රියානි විජේසිංහ –
බේරේ වැව ජලතර ගුවන් තොටුපලක් (water Aerodrome ) අද (3) උදෑසන ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේය.
කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණෙන සංචාරකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවට කෙටි වේලාවකින් සුව පහසුව කොළඹ නගරය වෙත කාර්යක්ෂමව ගමන් කිරීමේ අවස්ථාව මෙම නව ගුවන් ගමන් ආරම්භයත් සමඟ උදා වනු ඇත.

මෙම බේරේ වැව ආශ්‍රීත ජලතර ගුවන් තොටුපලට අමතරව නුදුරේදීම කොළඹ වරාය නගරය සඳහා ද මෙවැනි ජලතර ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා පරීක්ෂා කිරීම් සිදු කරමින් පසු වන බවද, කොළඹ නගරය සඳහා නව හෙලිකොප්ටර් නැවතුම් අංගන දෙකක් හදුන්වා දීම සඳහාද කටයුතු කරමින් පවතින බව ද සිවිල් ගුවන්සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.
මේ වන විට ජලතර ගුවන් තොටුපල 22 ක් නිසි පරීක්ෂා කිරීම් වලින් පසුව මෙහෙයුම් සඳහා අනුමත කර ඇති බව ද එම අධිකාරිය පවසයි.
දේශීය ගුවන් සේවාවන් දියුණු කිරීමට රජයක් ලෙස බලාපොරොත්තු වන බවත් පලාලි වැනි ගුවන් තොටුපොල වලටත් දේශී ය ගුවන් වාර ආරම්භ කරන්නට Cinnamon Air වැනි සමාගම්වලට ආරාධනා කරන බවත් මේ අවස්ථාවේ දී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේය.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න ඇතුළු පිරිසක් රැගත් සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 මාදිලියේ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපලේ සිට Cinnamon Lake side Pire දක්වා මෙම සමාරම්භක ගුවන් ගමන ක්‍රියාත්මක කරන ලදී. එහි ප්‍රධාන ගුවන් නියමු ලෙස කපිතාන් ඉන්දික ප්‍රේමදාස සහ සහයක නියමු ලෙස ඉසුරු මුණසිංහ කටයුතු කළේය.







