බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරවල කටු කෑවා නම් දුක් විඳපන් බළලෝ… දැන් බලු කූඩුවේ ලැග ඉන්නා මහින්දගේ PSO නෙවිල්ගේ කතාව!

by editor
ඔක්තෝබර් 2, 2025
in පුවත්
Newil-

මහින්දගේ ආරක්ෂකයා... නෙවිල්

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මේ වනවිට නෙවිල් වන්නිආරච්චි රිමාන්ඩ් බන්ධනාගාරයේය. රජගෙදර පරවියා වගේ සිටි නෙවිල් වන්නිආරච්චිට හිරගෙදර බලු කූඩුවේ ලගින්නට වෙතැයි කිසිවෙක් හිතුවේ නැත. ඒ ලැගීම රජගෙදර ඇත්තන්ගේ ද බොකු රත්වන තරමේ සිද්ධියකි. අපේ රටේ කිසි දවසක වනු ඇතැයි ප්‍රාර්ථනා නොකළ සිදුවීම් පෙළක ආරම්භය නෙවිල් වන්නිආරච්චි විසින් සලකුණු කළාදැයි සිතෙන තරමට වැඩේ උද්වේගකරය.

හම්බන්තොට පදිංචිව සිටි ස්වේච්ඡා බලකායේ සෙබලෙක් මහින්ද රාජපක්ෂගේ විශ්වාසවන්ත ආරක්ෂකයා වීම නිසාම සාමාන්‍ය සෙබලෙකුට අත්පත් කරගැනීම සිහිනයක් බඳු වූ නිලධාරී තනතුරකට පත්ව අවසානයේ මේජර් වරයෙක් තෙක් උසස් වීම් ලබාගෙන  මේජර්ලා දහ පහළොස් දෙනෙක් එකට එකතු වී උපයා ගත හැකි වත්කම් ප්‍රමාණයටත් වඩා දහ පහළොස් ගුණයක් වත්කම් සහිතව ප්‍රකෝටිපතියෙක් ලෙස වැජඹුන නෙවිල් වන්නිආරච්චි අද ඉන්නේ අන්ත අසීරු තැනකය. දැන් ඔහුට අධිකරණය ඉදිරියේ තමන්ගේ වත්කම් උපයා ගත් ආකාරය සහතික කර පෙන්විය යුතුව තිබේ.

මේ වනවිට නෙවිල් වන්නිආරච්චි බලුකූඩුවේය. අද   අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගත් නෙවිල් වන්නිආරච්චි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේසේත්‍රාත්  අසංග එස් බෝදරගම   අද සවස ඔහුව ලබන 17වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

වත්කම් උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම, වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරගත නොහැකි වීම, ඒ හේතුව නිසාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනවලට මුහුණ දීමට නොහැකිවීම, දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශනයට සහාය නොදීම හා වත්කම් සම්බන්ධයෙන් පවතින නඩු පහකට  වරද පිළිගැනීම මෙන්ම දිගින් දිගටම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කළ නියෝග වලට පටහැනිව ක්‍රියා කිරීම අවසානයේ දී නෙවිල් වන්නිආරච්චි කූඩුවට දක්කා ඇත.

අද සිද්ධියේ පෙළ ගැස්ම

ෙඅල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය,2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 127 (1) (ඌ) සහ (ඒ) වගන්ති යටතේ සඳහන් වැරදි සම්බන්ධ චෝදනාවන්ට අදාළව අල්ලස් කොමිසම මගින් නෙවිල් වන්නිආරාච්චි අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.  අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු දීර්ඝ ලෙස කරුණු දැක්වීමක් කළහ.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

එම කරුණු දැක්වීම ප්‍රකාරව චූදිත නෙවිල් වන්නිආරච්චි    වසර අටක් තිස්සේ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි පරිදි අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර නැත.

සැකකරු සතුව බස් රථ, මෝටර්  රථ, වාහන,නි වාස, හෝටල් ඉන්ධන පිරවුම්හල්, බැංකු ගිණුම් ඇතුළු දේපල රැසක් ඇති බවට කරුණු අනාවරණය වී ඇති ආකාරය විමර්ශන නිලධාරීහු එකින් එක පැහැදිලි කළහ.   2014 වසරට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ සැකකරු ලබා දී නැති බවත් වසර අටක් තිස්සේ සිදුකරන විමර්ශනය වරින් වර සැකකරු මඟහැර නම් ඇති බවත් විමර්ශන අංශ අධිකරණයට දැන්වීය.  සිද්ධිය සම්බන්ධව    තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බවද ඔවුහු කියා සිටියහ.

අල්ලස් කොමිසමේ නිලධාරීහු සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාවෙත ඉදිරිපත් කරමින්   මෙසේ පැවසූහ.

“සැකකරුට වලස්මුල්ලේ අක්කර 3.7 ඉඩමක ඉන්ධන පිරවුම්හලක් තිබෙනවා. පල්ලෙකැලේ රුපියල් ලක්ෂ හතලිස් පහක් වැයකර තැනූ නිවසක් තිබෙනවා.    මහරගම නාවින්නේ රුපියල් ලක්ෂ එකසිය විසිපහක නිවසක් තිබෙනවා.  දාසය ලක්ෂ පනස්දහසක  වටිනාකමින් යුත් යුත් නිවසක් ඔහු  දෙමටගොඩ ප්‍රදේශයේන් හිමි කරගෙන තිබෙනවා. තිස්සමහාරාමේ පර්චස් 45.5 ඉදිකෙරෙන හෝටලයක් සැකකරු සතුයි.     කෝට්ටේ මාදිවෙල  රුපියල් ලක්‍ෂ හාරසියක ඉඩමක් ඔහුට හිමියි.  බෙලිඅත්ත සහ වීරකැටිය ප්‍රදේශවල  බදු පදනම මත ගත් කඩ සාප්පු දෙකක් සැකකරුට තිබෙනවා. “  අනතුරුව මෙම විමර්ශනයේ සංක්ෂිප්තය විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

“ස්වාමීනී…. මේ විමර්ශනය සිදු කරන්නේ ලැබුණු පැමිණිල්ලකට අනුව. එම පැමිණිල්ලට අනුව 2016 දෙසැම්බර් සිට  2017 ජනවාරි දක්වා වත්කම් බැරකම් ලබා දෙන ලෙස සැකකරුට කොමිසම විසින් දැනුම් දුන්නා. ඒ අනුව මාස හතකට පසුව දුන් තොරතුරු විමසා බැලීමේදී සත්‍ය ඒවා නොවන බවට අනාවරණය වීම මත  නැවතත් සැකකරුට සත්‍ය තොරතුරු දෙන ලෙස දැනුම් දුන්නත් ලබාදී නැහැ. “

“වසර අටක සිට අවස්ථා කිහිපයකදී ආදම් වියදම් වාර්තා සහ වත්කම් සම්බන්ධයෙන් විමසීම් කළත් 2025 අගෝස්තු තෙක් සම්පූර්ණ තොරතුරු ලබාදී නැහැ. සැකකරු විසින් 2013.01.01 සිට 2014.1.24 දක්වා වූ කාලය තුළ සැකකරුගේ ආදායම අභිබවමින්  මිලියන විසි අටක් උපයා ඇති බව යි කොමිසම කළ විමර්ශනය අනාවරණය වී තිබෙන්නේ. “

“වත්කම් බැරකම් තොරතුරු ලබාදෙන ලෙස කරන දැන්වීම්වලදී දිගු කාලයක් ලබාගෙන ඉදිරිපත් කළත් ඒ තොරතුරුත් නිවැරදි සහ සම්පූර්ණ තොරතුරු නොවන ඒවා බවට විමර්ශන අනාවරණය වුනා.   නැවත දිවුරුම්  ප්‍රකාශයක් දෙන ලෙස දැනුම් දුන්නද තොරතුරු ලබා නොදීම නිසා 2025.09.26 දින පැමිණෙන ලෙස සැකකරුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කැඳවීමක් කළා. එවිට සැකකරු ඉල්ලා සිටියේ   තවත් කාලයක් ලබා දෙන ලෙසයි.    විමර්ශනය සහය දීම වෙනුවට සැකකරු කර ඇත්තේ වසර අටක් තිස්සේ දින ඉල්ලමින් එක දිගට කාලය ගෙවා දැමීමයි. “

“ ඒ අනුව කොමිසමේ නිලධාරින් පිරිසක් සැකකරු පදිංචි අත්තනයායේ මැදමූලන පිහිටි   සැකකරුගේ නිවසට ගියා. ඒත් සැකකරු එහි සිටියෙ නැහැ. දුරකථනයෙන් සැකකරු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් දුරකථනය විසන්ධි කර තිබුණා. එක අවස්ථාවක දුරකථන ක්‍රියාත්මක වී   ඇමතුමට සම්බන්ධ වී  තත්පර 52 ක වැනි කාලයක් තුළ  වෙනත් දිනයක් දෙන ලෙස සැකකරු ඉල්ලා සිටියා. ඒ අනුව නැවත සැකකරු පදිංචි ලිපිනයට ඊයේ ගොස් අද පැමිණෙන ලෙස ඔහුට ලිපියක් ලබාරදුන්නා. “

සැකකරුට 2014 සිට මේ දක්වා කරුණු අනාවරණය නොකළ වත්කම් රැසක් පවතින බව විමර්ශනවලින් අනාවරණය කර තිබෙනවා. සැකකරුට අයත් ඉහත දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතුයි. මෙම සැකකරු  තමන්ට හිමි බස් රථ ටිපර් රථ කුලියට දී ආදායම් උපදවනවා.    2017 සිට 2025 වන තෙක් බස් රථ වල  සේවය කළ අයගේ තොරතුරු දෙන ලෙස ඉල්ලුවත් ඔහු ඒවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලබා  දුන්නේ නැහැ.

2015 වසරේ වසරේ තොරතුරු කිහිපයක් ලබා දුන්නත් බස් රථවල සේවය කළ දෙදෙනෙක් හැර අනෙක් අය ඥාතීන් සහ හිතවතුන් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අයගේ ප්‍රකාශ සටහන් කර විමර්ශන කළ යුතුව තිබෙනවා. එහෙත්  සැකකරු කර තිබෙන්නේ  විමර්ශනයට බාධා කරමින් කල් හැරීමට කටයුතු කිරිමයි.”

“ මෙතෙක් කළ විමර්ශනයේ මිලියන 28ක් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු නැහැ. ඊට අදාළ බැංකු වාර්තා ඉඩම් රෙජිස්ටර් කාර්යාලවල ලේඛන විශාල ප්‍රමාණයක් පරිශීලනය කළ යුතුයි.”

මහේස්ත්‍රාත්වරයා-  සැකකරුගේ  ආදායම ගණනය කළේ කොහොමද

කොමිසම- ස්වාමිනී පුළුල් විමර්ශනයක් කර ඒ  සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත්තා.

මහේස්ත්‍රාත්වරයා- තොරතුරු අනාවරණය කරගත්තේ සැකකරු ගෙන් ද වෙනත් ආකාරයකින් ද

කොමිසම –  ස්වාමිනී… තොරතුරු අනාවරණය කරගත්තේ  කොමිසම සිදුකළ විමර්ශනවලින්. මේ විමර්ශනය ඉතාමත් සංකීර්ණයි. මර්ගස්ත මගී ප්‍රවාහණ අධිකාරියේ බලපත්‍ර සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ඕන. රියදුරු කොන්දොස්තර වරුන්ගෙන් ප්‍රකාශ ගන්න ඕන. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරිහු අධිකරණයට දන්වා සිටියහ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ප්‍රමුඛ නීතිඥ මණ්ඩලය අධිකරණය ඉදිරියේ මෙසේ කරුණු දැක්වූහ.

ස්වාමිණී, සැකකරු හමුදා නිලධාරියෙක්.  2013 විස්තර අහන්නේ. ඔහුගේ බිරිඳගේ පවුලේ විස්තර දෙන්න කාලය අවශ්‍යයි. ඒකයි වෙලාව ඉල්ලුවේ. මා සතු ලේඛන අඩුපාඩු පවතින බැවින් කල්ගත වන බවට දැනුම් දෙමින් දැනට පවතින ලේඛනය උපරිමයෙන් ලබා දෙන බවට ඔහු සැප්තැම්බර් 26  අල්ලස් කොමිසමට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් ඔහු දිව්රුම් ප්‍රකාශ ගණනාවක් විටින් විට දී තියෙනවා.” නෙවිල් වන්නිආරච්චිගේ  නිතිඥවරු දීර්ඝ කරුණු දැක්වීමක් අතර කීහ.

සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු විසින් අත්පත් කරගෙන ඇති දේපළ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට  නියෝග  කළේය. අනතුරුව සැකකරු ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාකොටික් DIG ඇතුළු DIG ලා 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු…

Next Post

ෂම්මි ජනපතිව අන්දලා… මණ්ඩතිව් ක්‍රීඩාංගනය මේ වසරේ නිම කරන බව ෂම්මි ජනපතිට පොරොන්දු වුනත්  තවමත් ඒ භූමියේ ඇත්තේ  තැබූ මුල් ගල විතරයි…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.