බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන යන්නේ කොතැනට ද?

by editor
සැප්තැම්බර් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන යන්නේ මොන ආකාරයක අගාධයකටදැයි වැටහෙන්නේ නැත.  කිසිම හිරිකිතයකින් තොරව ක්‍රීඩාවේ ජීව ගුණය වළ දමා  පිච් එක මැදට යුද්ධය රැගෙන පැමිණි කාලකණ්ණි ජාතියක් අත මහත්වරුන්ගේ ක්‍රීඩාවේ පැවැත්ම තීන්දු වෙනවා නම් ඒ ක්‍රීඩාව පවතිනවාට වඩා වඳවී යෑම ලෝකයට හොඳය.  ක්‍රීඩාවේ ජීව ගුණය, පමණක් නොව පරමාර්ථ සහ අභිලාෂයන් ද මේ තරම් පාදඩ විදිහට වළ දැමු අවස්ථාවක් ගැන මතකයට නැගෙන්නේ නැත.

ඊයේ ඩුබායි හි පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගයට වසර 41කට පසු ඉන්දියාව සහ පකිස්ථානය තරග වැදුනේය. ඉන්දියාව කඩුලු 05කින් ජය ගත්තේය.  පකිස්ථානය සමග පැවති පළමු තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව ඉන්දියාවේ සන්නද්ධ හමුදාවටන්ට එම ජයග්‍රහණය පූජා කළ ඉන්දීය නායකයා පකිසථාන කණ්ඩායමට අතට අත දීම මුල සිටම ප්‍රතික්ෂේප කළේය. කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාවේදීවත් අතට අත දුන්නේ නැත.

ඒ කාලකණ්ණි ස්ථාවරය ඉන්දියානු ක්‍රීඩකයෝ දිගටම පවත්වාගෙන ගියා පමණක් නොව අවසන් මහා තරගයේ කුසලානය ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහ. හේතුව ලෙස දැක්වූයේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි පකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මෙන්ම පකිස්ථානයේ අභයන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි

තරගය ඩුබායි වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණ අවසන් වූයේය. නමුත් ත්‍යාග ප්‍රධානෝත්සවය වටහාගත නොහැකි ලෙස කල් ගියේය. තරගය අවසන් වූ පසු, ඉන්දීය ක්‍රීඩකයින් පිටියේ රැඳී සිටියදී පාකිස්තාන ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් වී ඩ්‍රෙසින් රූම් එකට ගියහ. සම්මාන ප්‍රදානෝත්සවය සඳහා උත්සවය සඳහා වේදිකාව දිගු වේලාවක් සකසා නොතිබුණි.

එම කල්මැරීම මධ්‍යම රාත්‍රිය තෙක්ම පැවතිනි.    මේ දිගු ප්‍රමාදයට හේතුව මුලදී  පැහැදිලි නොවීය.  නමුත් අවසානයේ දී දැනගන්නට ලැබුණේ     ඉන්දීය කණ්ඩායම නක්විගෙන් කුසලානය ලබා ගැනීමට අකමැති වීමය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

සෙනසුරාදා ආසියානු ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවිය නිවේදනය කළේ  ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති  මොහ්සින් නක්වි ජයග්‍රාහකයින්ට කුසලානය ප්‍රදානයට  අදහස් කරන බවය. ඒ අවස්ථාවේ සිට මෙවැනි තත්ත්වයක් ඇතිවනු ඇතැයි උපකල්පනය කර තිබිණි.

ත්‍යාග ප්‍රධානෝත්සවය ප්‍රමාද වී ඇරඹිනි.    කුල්දීප් යාදව්, අභිෂේක් ෂර්මා සහ තිලක් වර්මා වේදිකාවේ සිටි අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගෙන් ඔවුන්ගේ තනි සම්මාන ලබා ගත්හ. ඒ අවස්ථාවේ වේදිකාවේ සිටි  නක්වි අත්පොලසන් දුන්නේ නැත.

පකිස්ථාන නායක සල්මන් ආඝා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති  මොහ්සින් නක්වි ගෙන් අනුශූරතා චෙක්පත පිළිගත්තේය.  කුසාලනය ඔහුගෙන් පිළිගැනීම ඉන්දියාව ප්‍රතික්ෂේප කළ  පසුව උත්සවය අවසන් විය.

“අද රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ සම්මාන ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය   විසින් මට දන්වා තිබෙනවා. එබැවින් තරඟයේ  සම්මාන ප්‍රධානෝත්සවය නිමා කරනවා.” සම්මාන ප්‍රදානෝත්සවයේ  නිවේදකයා වූ   සයිමන් ඩූල්  පැවසීය. ”

සම්මාන ප්‍රදානෝත්සවයේ දි කුසලානය ලබා නොගත් ඉන්දීය කණ්ඩායමට සම්මාන උළෙලින් පසුව එය ලැබුණේ නැත.  “ අපි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ  සභාපතිවරයාගෙන් ආසියානු   කුසලානය ලබා නොගැනීමට තීරණය කළා.  මොකද ඔහු පාකිස්තානයේ ප්‍රධාන නායකයෙක්”

“ නමුත් එයින් අදහස් කරන්නේ  නෑ පදක්කම් සමඟ කුසලානය ඔහුට  රැගෙන යන්නට දෙන බව.    එබැවින් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.  ආසියානු  කුසලානය සහ පදක්කම් හැකි ඉක්මනින් ඉන්දියාවට ආපසු ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”.  ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්    ලේකම් දේවජිත් සයිකියා Asian News International පුවත් ඒජන්සිය  වෙත  පවසා තිබිණි.

“නොවැම්බර් මාසයේදී ඩුබායි හි ICC සමුළුවක් තිබෙනවා. “ඊළඟ සමුළුවේදී, අපි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාගේ ක්‍රියාවට එරෙහිව ඉතා බැරෑරුම් සහ ඉතා දැඩි විරෝධතාවක් දියත් කරනවා.” ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා පවසා තිබිණි.

ෙපසුව පැවති මාධ්‍ය හමුවේදී   ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ තමා මෙවැනි දෙයක් දැක නැති බවය. “මම හිතන්නේ මම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිට, ක්‍රිකට් අනුගමනය කිරීමට පටන් ගත් දා සිට මම කවදාවත් දැක නැති දෙයක් තමයි ශූරතාවය දිනූ  කණ්ඩායමකට කුසලානයක් අහිමි වීම.  එයත් මහන්සියෙන් උපයාගත් කුසලානයක්. මට හැඟෙන්නේ අපි එයට සුදුසුයි කියලා. මට තවත් කිසිවක් කියන්න බැහැ, මම එය හොඳින් සාරාංශ කර කිව්වා. ඔබ මට කුසලාන ගැන මට කිව්වොත්, මගේ කුසලාන ඩ්‍රෙසින් රූම් එකේ  වාඩි වී සිටිනවා.  මා සමඟ සිටින 14 දෙනාම, සහායක කාර්ය මණ්ඩලය… ඔවුන් තමයි  ආසියානු කුසලානයේ මේ ගමන පුරාම පැමිණි සැබෑ කුසලාන.” සූර්යකුමාර් පැවසුවේය.

කුසලානය ලබා නොගත් ඉන්දියානු කණ්ඩායමට ආසියානු කුසලාන සැමරුම සඳහා කුසලානයක් තිබුණේ නැත.     සැබෑ කුසලානයක් නොපෙනෙන බැවින්, සූර්යකුමාර් සහ කණ්ඩායමේ සෙසු අය ඔවුන්ගේ සැමරුම්වල කොටසක් ලෙස මනඃකල්පිත කුසලානයක් ඔසවන අභිනය පෙන්වනු ලැබූහ.

මේ ක්‍රිකට් නම් ඇත්තටම ලෝකයට ක්‍රිකට් ඇතිය. යුද්ධයක් පවත්වාගෙන යෑමට, වෛරය යාවත්කාලීන කරගැනීමට, යුද්ධයේ ප්‍රකාශන ක්‍රීඩාව හරහා ජනගත කිරීමට දරන මේ නින්දිත උත්සාහයන් ක්‍රීඩාවේ නාමයෙන් වැළකී යා යුතුය. මක්නිසාද යත් යුද්ධය පවතින්නේ අපායේය. ක්‍රීඩාවේ උත්තම සංකල්ප වැඩ සිටින්නේ දෙවිවරුන්ගේ හදවත් තුළය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ අය – වැය ලේඛනයෙන් කිසිම අලුත් බද්දක් හඳුන්වා දෙන්නේ නෑ… තිබෙන බදු ප්‍රතිශත අඩු කළ හැකි ආකාරය ගැනත් සලකා බලනවා… ජනපති ජපානයේ ශ්‍රී ලාංකිකයින්ට කියයි!

Next Post

වාහන නවත්වා රිය අනතුර වීඩියෝ කළත් දැරිය රෝහල්ගත කරන්න කිසිවෙක් උදව් වී නෑ… රෝහල්ගත කිරීම ප්‍රමාද වීමෙන් දැරියක් මිය යයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.