වත්තලදී අත්අඩංගුවට ගෙන දින 07ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් වෙඩි තැබීම් තුනක් ඇතුළු අපරාධ කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
මුල්ලේරියාව උතුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකරු සැකකරු පසුගිය 22 වන දින වත්තල ඇලකන්ද ප්‍රදේශයේදී මෙතම්ෆෙටමින් (අයිස්) ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 200 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව සැකකරු 23 වන දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර පොලිසිය සැකකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා දින හතක රැඳවුම් නියෝගයක් යටතේ රඳවා තබා ගැනීමට අවසර ගත්තේය.
එම ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ජූලි 3 වන දින කඳාන පොලිස් කොට්ඨාසයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදියේ පැදිකරු ලෙස මෙම පුද්ගලයා කටයුතු කර ඇති බවය. එම වෙඩි තැබීමේ දී එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබීය.
අගෝස්තු 7 වන දින කඳාන ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියේ සහ අගෝස්තු 6 වන දින මීගමුව ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියේ තුවක්කුකරු ලෙසද සැකකරු කටයුතු කර ඇතැයි අනාවරණය වී තිබේ.
වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වූයේ විදේශයන්හි පදනම් කරගත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ කොන්ත්‍රාත්තු මත මෙම අපරාධ සිදුකිරීමට සැකකරු කටයුතු කර ඇති බවය.
සිදුවීම් සඳහා භාවිතා කළ යතුරුපැදියක් විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







