මේ වනවිට අර්බුදයක් වී ඇති වාහන අංක තහඩු නිකුත් කිරීමේ කටයුතු නොවැම්බර් මස 15 වැනිදා සිට නිශ්චිත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා කීවේ මේ ප්‍රමාදය ඇති වුයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ තිබූ බරපතල දූෂිත තත්ත්වය නිවැරදි කරගැනීමට සිදුවූ නිසා බවය.
“ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තනිකරම ඩිජිටල් සොලියුෂන් වෙළෙඳ සමාගම්වල කැලයක් වෙලා තියෙන්නේ. නිලධාරින්ගේ නොදැනුවත් කමත් හිටපු අමාත්‍යවරුන්ගේ සහ කොමසාරිස්වරුන්ගේ දූෂිත භාවත් එකතු වෙලා ඒ සමාගම්වල තියන අති බරපතල දූෂිත භාවයත් එකතු වෙලා වගකීම් විරහිත හැසිරීමත් එක්ක මේ තත්ත්වය ඇති වෙලා තිබුණා. ඩිජිටල් විසඳුමක් තියනවා නම් ඒක සහමුලින්ම ඒක වෙළෙඳ සමාගම මතම රඳා පැවතිලයි තිබුණේ. සමහර සමාගම් අවුරුදු 26ක් තිස්සේ කටයුතු කරනවා. එත් එ් දැනුමේ සියයට 1ක්වත් අවුරුදු 26කට පස්සේ දෙපාර්තමේන්තු නිලධාරින්ට මාරු වෙලා නෑ.”
“මේ විශාල අවුලක් තියනවා. මා හිතනවා සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධවත් ඒක සත්‍යයක් ඇති කියලා. ජනතාවට සේවය ලැබෙන්නේ නැ. නිලධාරින් පුහුණු වෙන්නෙත් නෑ. විශාල මහජන මුදල් නාස්තියක් වෙනවා. රුපියල් මිලියන 05කින් කරන්න පුලුවන් වෙබ් සොලියුෂන් එකට මිලියන දෙසීය අනූ ගණන් දාලා තියනවා. එහෙමයි මේක තියෙන්නේ. මේවා රොකට් සයන්ස් කරලා ඒ ඇතුළෙ ගසා කාලා තියෙන්නේ.”
“ඇග්රිමන්ට් ඔක්කොම කල් පැනලා තියෙන්නේ. කිසිම ආයතනයක් මේ සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්නෙ නෑ. ඒක තමයි පසුබිම.
ඔබතුමා අහන නිශ්චිත ප්‍රශ්නයට පිළිතුර තමයි නොම්බර තහඩු නිකුත් කිරීමට කිසිම ගිවිසුමක් නැතිව සමාගමක් කටයුතු කරලා තිබුණා. අපට ප්‍රශ්නයක් ආවා. මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් තුමා අත් අඩංගුවට ගත්තා. මේක කඩා වැටෙයි කියන බයට ඔහුත් සමග අපට මාස හයක් වැඩ කළා. මේ තත්ත්වය කතා බහ කරලා.”
“නොවැම්බර් 15 වැනිදා වනවිට අපට අලුත් නොම්බර් තහඩුව නිකුත් කරන්න පුලුවන් වේවි. ඒ ප්රශ්නය වේගයෙන් විසඳන්න පුලුවන් ඉන් පස්සේ . ඒ අතර මැද්දේ තාවකාලික විසඳුමක් නොවැම්බර් 15 දක්වා පැවැත්වෙනවා.







