බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි රොෂාන්ගේ බලු වැඩේ නිරුවත් කරමින් වන ජීවින් සම්බන්ධව කියැවුන ඉතිහාසගත නඩුව…

විධායක ජනාධිපතිවරුන්, විනිසුරුවරයින්, පූජකයින්,  වන අලි ජාවාරම් කරුවන් සමග එක්ව රටේ සිදුකළ බිහිසුනු වනජීවී අපරාධයකට එරෙහිව අධිකරණයෙන් ලැබුන ඉතිහාසගත තීන්දුව...

by editor
සැප්තැම්බර් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ ඉතිහාසගත නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් වුනේය. කාලයක් තිස්සේ මේ රට තුළ වන අලින් විෂයෙහි සිදුවූ වනජීවී අපරාධ සම්බන්ධව අශිෂ්ට සාමාන්‍යකරණය වී තිබූ ගොළුබව ඊයේ (20) මහාධිකරණයේ දී බිඳී ගියේය.

අප ගෙවා ආවේ රටේ පාලකයින් හොර අලි ලඟ තබාගැනීම ගැන චෝදනා ලද කාලයකි. ගෝඨාභය රාජපක්ෂටත් අලි ඉන්නා විට මහින්ද රාජපක්ෂ අලි හිමිකරුවන්වන විට මේ වන අලින් ගැන සමාජයේ කසුකුසුවක් ඇති වුනද විවෘත සංවාදයක් ඉපදුනේ නැත. ඇතැම් ප්‍රකට විනිසුරුවරු හොර අලි ලඟ තබා ගැනීම සම්බන්ධව සමාජ ගර්හාවට ලක් වූයේය. රටම කම්පා වූයේ අලි මව හිසට වෙඩි තබා මරා අලි පැටවු සොරකම් කරන බවට වූ කතාවක් සමාජගත වනවිටය.

මේ මොන පාදඩකම් කළත් අලි ජාවාරම් කරුවන් සිටියේ නීතියේ පමණක් නොව විධායකයේ ද ආරක්ෂාව රැකවරණය සහිතවය. වන අලි ජාවාම් කරවෝ  මේ කණ්ඩායමට සේවය සපයන ඔවුන්ගේ හිතවතුන් වූහ. අපි හොරෙක් සමාජ ගර්හාවට ලක් වූ අලි රොෂාන් සමග හොර අලි ජාවාරම සම්බන්ධව චෝදනා ලද  ඇතැම් විනිසුරුවරුන් එකට අඩි ගහන  ආකරය වරෙක අප ද අත් දැක්කේය.

2014 වසරේදී අනවසරයෙන් රඳවා ගෙන සිටියදී මුදා ගත් අලි පැටවෙක්

අලි ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතා මත  අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනත් උස්සා විතැන් කර නඩු නිමිතිත් අහෝසි කළ  කාලයක් පසු කර පැමිණි අප කිසිවෙක් අලි රොෂාන්ලා ඇතුළට යනු ඇතැයි හීනෙන්වත්  කල්පනා ක‍ෙළේ නැත. එහෙත් එය සිද්ධ වී තිබේ.

ඊයේ මේ නඩු තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ප්‍රකාශයට පත් වුනේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

වනජීවී දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ අලියකු බව හඟවමින් ලියාපදිංචි  නොකළ හා සන්තකයේ තබා ගැනීමට බලපත්‍රයක් නොමැති පොදු දේපළක් වූ  වන අලියකු නීතිවිරෝධී ආකාරයෙන් සන්තකයේ තබා  ගැනීමේ චෝදනා දෙකට වරදකරු කරනු ලැබූ ප්‍රධාන පෙළේ අලි  ජාවාරම්කරුවකු ලෙස මුළ සමාජයම හඳුනාගෙන සිටියත්  මෙතෙක් කිසිම අවස්ථාවක නීතිය ක්‍රියාත්මක නොවුන අමුතු බලයක් සහිතව ජීවත්වෙමින් සිටි සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල බරපතළ වැඩසහිත වසර 15 ක සක්‍රිය සිරදඬුවම් හා  රුපියල් ලක්‍ෂ 206ක දඩයක් ගෙවීමට ඊයේ (19දා) නියෝග කළහ.

එකී දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම්  හා මාස තුනක ලිහිල් සිරදඬුවම් ලබාදීමට එම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්ඡය මණ්ඩලයේ සභාපති  මංජුල තිලකරත්න සහ ආර්. එස්. එස්. සපුවිදත් ලංකා ජයරත්නත්   ඒකමතික නිකුත් කළ තීන්දුවෙන් නියම කළහ.

එම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කොට තිබූ පළමු වන විත්තිකාර අලි රොෂාන් නමැත්තාගේ සහෝදරයකු වන සමරප්පුලිගේ උචිත නිශාන් ධම්මික, ඔවුන්ගේ ඥාතියකු වන  පස්වන විත්තිකාර පලහපිටිය ගමගේ ජයලත් හා වනජීවී  දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු  කළ පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි නමැති  තිදෙනා ඔවුනට එරෙහිව ගොනු කර තිබූ සියලුම  චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු  මඬුල්ල නියෝග කළහ. පළමු වන විත්තිකරු චෝදනා  පත්‍රයේ සඳහන් 27 සහ 28 සහ චෝදනා දෙකට වරදකරු බවට සිය විනිසුරු මඬුල්ල නිගමනය කොට ඇති බවත් සෙසු විත්තිකරුවන් තිදෙනා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරු මඬුල්ල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර  විනිසුරු මඬුල්ලට මෙලෙස පැවැසීය.

රටේ නීතිය පිළිබඳව රටේ මිනිස්සුන්ට විශ්වාසය යළිත් තහවුරු කළ එම නඩුව සම්බන්ධ පූර්ණ වාර්තාව     ජ්‍යෙෂ්ඨ අධිකරණ වාර්තාකවරුවෙක්වන ඒ.ජේ.අබේනායක දිවයිනට පුවත්පතට සපයා තිබිණි. මේ එම වාර්තාවය.

අලි රොෂාන්ගේ බලු වැඩේ අධිකරණය තුළ විමසුන   ආකාරය –

ගරු මැතිතුමනි, ගරු මැතිනියනි.. මෙම වරද අපි කතා කරන සෙසු දූෂණවලට වඩා බෙහෙවින් වෙනස් චෝදනාවක්. යම්කිසි අනිසි ක්‍රියාවක් නිසා අසාධාරණයට ලක්වෙන වින්දිතයන් බවට පත්වෙන මිනිසුන්ට ගරු අධිකරණයක්  හමුවට ඇවිත් තමන්ට සිදුවූ හානිය ගැන සාක්‍ෂි දෙන්න පුළුවන්. නමුත් මිනිසුන්ගේ නොපහත්කම් නිසා නීතිවිරෝධී ක්‍රියා නිසා වින්දිතයන් බවට පත්වූ අලි ඇතුන්ට එහෙම උසාවියට ඇවිත් තමන්ට සිදුවූ හානිය ගැන කියන්න පුළුවන්ද? එලෙස හඬක් නැඟීමට නොහැකි අපරාධයක වින්දිතයන් වෙනුවෙන් තමයි නීතිපතිවරයා ඔබතුමන්ලාගේ අධිකරණය හමුවට ඇවිත් හඬක් නඟන්නේ. නීතිය අතට අරගෙන විටෙක නීතියට අභියෝග කරමින් නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක් කරමින් දේශපාලනඥයන්, අධිකරණ නිලධාරීන්, පූජකවරුන් හා මෙවැනි පුද්ගලයන් කටයුතු කර ඇති බව පසුගිය කාලය තුළදී අපිට අසන්නට ලැබුණා. දකින්නට ලැබුණා. මෙවැනි සිද්ධීන් නිරතුරුවම සිදුවුණත් ඒවා අධිකරණ හමුවට පැමිණෙන අවස්ථා විරලයි.

සෙසු විත්තිකරුවන්ට ද පාඩමක් කියා දෙන පරිදි මෙකී චූදිතට නීතිය අනුව ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදෙන ලෙස ඔබතුමන්ලාගේ විනිසුරු මඬුල්ලෙන් නීතිපතිවරයා මුලින්ම අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එහිදී විත්තිකාර අලි රොෂාන් නමැත්තාට දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය ඇමතූ විත්තියේ ජනාධිපති නීතිඥවරයා සිය සේවාදායකයා පාසල් අධ්‍යාපනය ලබන කුඩා දරුවන් තිදෙනකුගේ පියකුවන බැවින් ඔහුට යළි සමාජ ගතවීමට හැකි පරිදි ලිහිල් දඬුවම් ලබාදෙන ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

නඩු තීන්දුව

විවෘත අධිකරණය හමුවේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කරුණු දැක්වූ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න  තීන්දුව ප්‍රකාශ කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

“මෙම චූදිත වරදකරු කර ඇත්තේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි. ඔහු එවැනි පෙර වැරැද්දක් ඇත්තකු බව අනාවරණය වී තිබෙනවා. නීත්‍යනාකූල බලයක් නොමැතිව පොදු දේපළක් වනඅලි ඇතුන් සන්තකයේ තබා ගැනීම  බරපතළ වරදක්. මෙරට වනාන්තරවල ජීවත් වන අලි ඇතුන් ආරක්‍ෂා කිරීම වර්තමානයේ බරපතළ අභියෝගයක් වී ඇති බවයි අධිකරණයට පෙනෙන්නේ. අලි ඇතුන් රටේ සම්පතක්. එය ආරක්‍ෂා කර ගැනීම සමස්ත ජනතාවගේම වගකීමක්. ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණයේ වගකීම තමයි නීතිවිරෝධී ලෙස එකී අලි ඇතුන් සම්පත විනාශ කළ බවට සාක්‍ෂි මගින් සනාථ වනවිට නිසි දඬුවම් ලබාදීම…”

28 වන චෝදනාවට එනම් සොරකම් කරනු ලැබූ සතකු බව දනිමින්ම පොදු දේපළක් වන අලියකු වංචනික ලෙස සන්තකයේ තබා ගැනීමෙන් 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ හැඟෙන චෝදනාවට වරදකරු කරනු ලැබූ එම විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කළ විනිසුරු මඬුල්ල එයට අමතරව රුපියල් ලක්‍ෂ 206ක දඩයක් ද නියම කළහ.

එකී දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩසහිත වසර  හතරක සිරදඬුවම් ද නියම කළ විනිසුරු මඬුල්ල 27 සහ 28 යන චෝදනා දෙකට නියම කළ සිරදඬුවම් එකවර එනම් වසර 15කින් ගෙවී යන ලෙසට ලබාදීමටත් දඩ නොගෙවන්නේ නම් පනවනු ලැබූ සිරදඬුවම් මුල් සිරදඬුවම් කාලයක් පසුව වෙන් වෙන්ව ගෙවී යන ලෙසට ලබාදීමටත් නියෝග කළහ.

නීතිපතිවරයා විසින් මෙකී විත්තිකරුවන් ඇතුළු අටදෙනකුට එරෙහිව අධිචෝදනා 36 යටතේ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.  අලි ඇතුන් පස් දෙනකු ජාවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ එම නඩුවේ විත්තිකරුවන් හතර දෙනකු විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය මින් පෙර නියෝග කොට තිබිණි. රජයේ අධිනීතිඥ සමදරි පියසේන, රජයේ අධිනීතිඥ බෙස්වල්ඩ් ලක්‍ෂ්මන් පෙරේරා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පැමිණිල්ල මෙහෙයවූ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ, සිදන්ත ජයවර්ධන   ඇතුළු නීතිඥ මඬුල්ලක් නිදොස් කොට නිදහස් කරනු ලැබූ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නිකුත් කළ එකී තීන්දුව මගින් ලබාදුන් දඬුවම් මෙරට අධිකරණ ඉතිහාසයේ එවැනි වරදකට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට ලබාදුන් ඉහළම දඬුවම ලෙස සැලකේ.

එකී තීන්දුවේ මුල් කොටස ප්‍රකාශයට පත් කිරීම සාමාජික විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් සිදු කරන ලදී. විනිසුරු ආර්. එස්. එස්. සපුවිද   විසින් දෙවන කොටස ප්‍රකාශයට පත් කරන ලදී. චෝදනා පත්‍රයේ සඳහන්ව තිබූ සෙසු චෝදනාවලට අදාළ වැරදි සිදු කළ වේලාව එකී චෝදනාවලින් නිශ්චිතව පැමිණීල්ල විසින් සනාථ කර නොමැති බවත් එකී චෝදනාවල සඳහන් අලි ඇතුන් පිළිබඳව මෙන්ම එකී වැරදි කළ ස්ථාන පිළිබඳව ද නිශ්චිතව සඳහන් නොවීම නිසා එකී චෝදනාවලින් පළමු වන විත්තිකරු ඇතුළු විත්තිකරුවන් සිවුදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට සිය අධිකරණය ඒකමතිකව තීරණය කළ බවත් මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය කියවා දුන් එකී තීන්දු කොටස මතින් පෙන්වා දෙන ලදී.

පෙරකී චෝදනාවල සඳහන් අලි ඇතුන් කුමන වයස් කාණ්ඩයට අයත් දැයි පැමිණීල්ලේ ගොනු කළ චෝදනාවල සඳහන්ව ඇතත් එකී වයස් පිළිබඳව සනාථ කිරීමට පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස කැඳවනු ලැබූ 28, 29 සහ 31 වන සාක්‍ෂිකරුවන් අසමත් වී ඇති බවත් සාමාජික විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා විවෘත අධිකරණය හමුවේ කියවා දුන් තීන්දු ප්‍රකාශයේ කොටස මගින් පෙන්වා දෙන ලදී.

එකී සතුන් පිළිබඳ විශේෂඥයකු තම අධිකරණය හමුවේ ලබාදුන් සාක්‍ෂිය මගින් සනාථ වූයේ එළුවන්ගේ වයස පිළිබඳ සාක්‍ෂි දීමට ඔහුගේ විශේෂඥභාවය ප්‍රමාණවත් වුවත් ප්‍රශ්න ගත අලි ඇතුන් සිවු දෙනාගේ වයස් පිළිබඳව සනාථ කිරීමට ඔහුගේ විශේෂඥභාවය ප්‍රමාණවත් නොවන බව   යැයිද විනිසුරු ආර්. එස්. එස්. සපුවිද   කියවා දුන් එකී තීන්දු කොටස මගින් පෙන්වා දෙන ලදී.

හොරට තබා ගත් වන අලියා රාජසන්තකයි…

27 වන චෝදනාවට එනම් 2015.08.31 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ඇරැව්වල දී ලියාපදිංචි නොකරන ලද බලපත්‍රයක් නොමැති අලියකු අංක 350 යටතේ ලියාපදිංචි කරන ලද අලියකු බවට හඟවමින් සන්තකයේ තබා ගැනීමෙන් වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතේ 22 අ (7) වගන්තිය යටතේ ගැනෙන වරදට වරදකරු කරනු ලැබූ එම නඩුවේ පළමු වන විත්තිකාර අලි රොෂාන් නමැත්තාට එකී චෝදනාවට බරපතළ වැඩසහිත වසර පහක සිරදඬුවමක් හා රුපියල් ලක්‍ෂ දෙකක දඩයක් නියම කළ විනිසුරු මඬුල්ල එකී දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවම් ලබාදීමට නියෝග කළහ.

පළමුවන වරදකරු කරනු ලැබූ චෝදනාවට අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියම කළ විනිසුරු මඬුල්ල එම අලියා වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා භාරයට පත් කරන ලෙසට ද වැඩිදුරටත් නියෝග කළහ. අලි රොෂාන් නමැත්තා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අලි ඇතුන් පස්දෙනකු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි. කෙසේ නමුත් පළමු වන විත්තිකාර අලි රොෂාන් නමැත්තා වරදකරු කරනු ලැබුවේ නීතිවිරෝධී ලෙස එක් අලියකු සන්තකයේ  තබාගැනීම සම්බන්ධයෙනි. සෙසු අලි ඇතුන් සිව්දෙනා සන්තකයේ තබා ගැනීම හෝ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා සනාථ කර නොමැති බව තීන්දුව මගින් ප්‍රකාශ කෙරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිද්දෙනියේ සොයාගත් ද්‍රව්‍යවල අයිස් මත්ද්‍රව්‍ය ඇති බව රස පරීක්ෂක තහවුරු කරයි…

Next Post

මගේ වත්කම්වලට එරෙහිව පැමිණිල කළ වසන්ත සමරසිංහලට මටත් වඩා දේපල වත්කම් තියනවා… නාමල් කියයි.

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.