දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්දය නොවැම්බර් මස 07 වැනිදා පැවැත්වීමට සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි වාර්තා වේ. නොවැම්ර් මස 07 වැනිදා සිකුරාදා දිනයකි.
පනත ප්‍රකාරව දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දිනය මාසයකට පෙර ප්‍රකාශ කළ යුතුව ඇත. ඒ රටේ ලිඛිත ප්‍රධාන මාධ්‍යවන පුවත්පත් ඔස්සේය.
1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව දියවඩන නිලමේවරයෙකුගේ නිලය පුරප්පාඩු වී තෙමසක් ඇතුළත ඔහු තෝරා පත් කර ගත යුතුය. මෙරව දියවඩන නිලමේ තනතුර සඳහා හිටපු දියවඩන නිලමේ නිලංග දෑල ට අමතරව තවත් අපේක්ෂකයෝ 05 දෙනෙක් තරග වදිති.
දියවඩන නිලමේ පත් කරගැනීමේ චාරිත්‍රය
මල්වතු විහාරයේ සහ අස්ගිරි විහාරයේ මහනායක හිමිවරුන් දෙපළට
උඩරට අය වන අධිකාරම්වරු හා දිශාවරු උඩරට දිසාවන් තුළ නිල දරන රටේ මහත්වරු සහ ප්‍රාදේශීය ආදායම් නිලධාරීවරු උඩරට දිසාවල පිහිටි සියලුම දේවාලවල බස්නායක නිලමේවරු එවකට ගත වූ තුන් අවුරුද්ද තුළ වාර්ෂිකව ආදායම් රු. 1,000 කට වැඩි යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් ගණන් ගනු ලබන උඩරට දිසාවන් තුළ පිහිටි සියලුම සිද්ධස්ථානවල භාරකරුවන්ට බලය පැවරේ.
සාම්ප්‍රදායානුකූලව උඩරට රාජධානියට අයත්ව තිබූ දිස්ත්‍රික්ක 16 ක් තුළ පිහිටි,
- රජ මහා විහාරස්ථාන 157 ක භාරකාර හිමිවරුන්
- ප්‍රාදේශීය ලේකම්වරුන් 170 දෙනෙකු
- දේවාලවල බස්නායක නිලමේවරුන් 31 දෙනෙකු
- විහාරවල හා දේවාලවල ගිහි භාරකරුවන් 4 දෙනෙකු ඇතුළු 362 දෙනෙකුට මෙවර දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද අයිතිය හිමිව තිබේ.
නමුත් 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව, මෙම නිලවරණයට ඡන්ද අයිතිය ඇති නමුත් කාන්තාවන් හා අන්‍ය ආගමික ප්‍රාදේශීය ලේකම්වරුන් 95 දෙනෙකුට පමණ මෙවර නිලවරණයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට සිදුව තිබේ.
ඒ අනුව මෙවර දියවඩන නිලමේ නිලවරණයට ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය ඇත්තේ ලියා පදිංචි ඡන්ද දායකයින් 267 දෙනෙකුට පමණි. එයින් 157 බෞද්ධ භික්ෂුන් වහන්සේලා වීම ද විශේෂත්වයකි. ඒ අනුව දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීමේ රැස්වීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් කැඳවීම් ලිපි ලැබෙන්නේ 267 දෙනෙකුටය.
තීරණාත්මක ඡන්දය
මෙවර තීරණාත්මක ඡන්දය භික්ෂූන් වහන්සේලා අත රැඳී ඇතැයි ද උපකල්පනය කළ හැක. ඊට හේතුව වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 51% ක් පමණ උන්වහන්සේලා සතුව තිබීමය.
ඔවුන්ගේ රැස්වීමෙන් අනතුරුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රහසිගත ඡන්දයකින් දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගත යුතු බව පනතේ සඳහන්ය.
පුරප්පාඩු වී ඇති නිලයට තේරීම සඳහා එක් අයෙකුගේ නම පමණක් යෝජනා කර අනුමත කර ඇත්නම්, එම තැනැත්තා දියවඩන නිලයට පත් වූ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කළ යුතුය.
නමුත්, එක් අයෙකුට වැඩි දෙනෙකුගේ නම් යෝජනා වී අනුමත කර ඇත්නම්, ඡන්දය ගෙන වැඩි ඡන්දය ගත් තැනැත්තා දියවඩන නිලයට පත් වීම සිදුවේ. එම තැනත්තා වයස අවුරුදු 70 නොඉක්මවූ අයෙකු විය යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.







