පක්ෂ නායකත්වයට සහ පක්ෂය විසින් ගන්නා තීන්දු තීරණවට එරෙහිව කටයුතු කරන සියලු මන්ත්‍රීවරුන් එරෙහිව තරාතිරම නොබලා දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
පසුගිය සතියේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රැස්වූ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඒකමතිකව මෙම යෝජනාව සම්මත කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් කටයුතු කර ඇත.
ඒ අනුව පක්ෂයේ විනය කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්ථිර විනය කමිටුවක් පත් කිරීමට ද තීන්දු වී තිබේ.
පක්ෂ තීන්දුවට රරෙහිව කටයුතු කරන යම් මන්ත්‍රීවරයෙක් වේ නම් හෝ පක්ෂ නායකත්වයට එරෙහිව අදහස් දක්වන යම් මන්ත්‍රීවරයෙක් වේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන පක්ෂයෙන් ඉවත් කිරීමට ද එහිදී යෝජනා වී ඇත. ( මවුරට)







