සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලපයි සිපයි නිසා පාර්ලිමේන්තුව ඇවිලුන හැටි… ( වීඩියෝ සහිතයි )

by editor
සැප්තැම්බර් 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අද උදේම පාර්ලිමේන්තුව මහා ගාලගෝට්ටියක් නිර්මාණය වුනේය. එම ගාලගෝට්ටිය හේතුවෙන් කථානායකවරයාට පාර්ලිමේන්තුව විනාඩි 10ක කාලයක් කල් තබන්නට සිද්ධ වූයේය.  යළිත් මේ ගාලගෝට්ටිය නිර්මාණය වන්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 32ක් අත්සන් කර ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බව දක්වමින් කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මතු කිරීමත් සමගය.

&;

මෙම සංවාදය මුලින්ම ඇතිවන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් කථානායකවරයා ප්‍රශ්නකිරීමත් සමගය.  ඔහු කීවේ ආණ්ඩුවට 159ක පාර්ලිමේන්තු බලයක් තබාගෙන මෙම විශ්වාසභංගයට මුහුණ දීමට සූදානම් නැති බවත් පළමු වතාවට කතානායකවරයෙක් විශ්වාසභංගයක් ප්‍රතික්ෂේප කර ඇති බවත් කියමිනි.  ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ මෙම තීන්දුව ගැනීමට ප්‍රධාන වශයෙන් පාදක වුන ලේකම් මණ්ඩලයේ වාර්තාව සහ නීතිපතිවරයාගේ වාර්තාව මූලාසනයේ ගෞරවය රැකගෙන සභාගත කරන ලෙසය.

එම අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා නැගී සිටියේය.

“ඔබතුමා ඊයේ ලබා දුන් තීන්දුව පිළිබඳ නැවත නැවත කරුණු ඉදිරිපත් කරන්න තියනව.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1 වගන්තියට අනුව ඇමතිවරුන් පත් කිරීමේ ක්‍රියාවලියේ දී නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා කියන්නේ විධායකයේ කොටසක්. ඇමතිවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා තමයි විධායක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට උත්තර සපයන්නේ. මේ විවාදය කරන්නේ පාස්කු ප්‍රහාරයේ යථාර්ථය පිළිබඳ තොරතුරු දැනගන්න.  අපට සාධාරණයක් ඉෂ්ඨ කරන්න කැමති නැතිනම් ජනතාවට සාධාරණයක් කරන්න.” විපක්ෂ නායකවරයා පැවසුවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ඉන් පසුව නැගී සිටියේය. ඔහු කීවේ කතානායකවරයා   ස්වාධීනව කටයුතු කරන්න සිටිනා බවත් කතානායකවරයා ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කළේ  පොඩිදරුවෙකුගේ රචනාවක් වැනි ප්‍රකාශයක් බවය. කිසිම තර්කයක් නැති එවැනි ප්‍රකාශ නොකියා  නීතිපති දෙපාර්තමේන්තුවේ මතය.  ලේකම් මණ්ඩලයේ මතය. සභාගත කරන ලෙස අජිත් පී පෙරේරා ඉල්ලුවේය.

ඒ සමගම නැගී සිටි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේ ස්ථාවර නියෝගයන්හි විශ්වාසභංග යෝජනා ගෙනෙන නිශ්චිත පුද්ගලයින් නම් කර නැති බවය. ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුව අසන ප්‍රශ්නවලට  පිළිතුරු  දෙන්නේ  ආරක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරයා බවත්. ජනාධිපතිවරයා විදේශගත වූ අවස්ථාවේ දී වැඩ  බලන ආරක්ෂක ඇමතිවරයා  ලෙස ආරක්ෂක හමුදා කඳවුරුවලට පවා ඇතුළු වී ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා  මේ වනවිට විධායකයේ කොටසක් බවත් තර්ක කළේය. ඔහු කීවේ    නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ලෙස ඔහු  සියලු දේ භුක්ති විඳින බවය. “ඒක ගේන්න බෑ කියන එක පදනමක් නෑ. එතුමන්ලට තියනවා 159ක්. අපි ගේන විශ්වාසභංගය අපි ජයග්‍රහණය කළා කියලා තනතුර නැති වෙන්නේ නෑ. මේ විවාදය තිබ්බොත් එතුමාගේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරුණු කාරණා හෙළි වෙනවා. කතානායකවරයා අරන් තියෙන්නේ දේශපාලන තීන්දුවක්.” මුජිබර් පැවසුවේය.

ඉන් අනතුරුව නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා විධායකයේ කොටසක් බවය. ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.2 වගන්තියට අනුව බලයක් පවරා දුන්නත් නැතත් අලිඛිත බලයක් නියෝජ්‍ය අමාත්‍යවරයා ලැබෙන බවත්, අද ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් ඇසුවහොත් එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා බවත් තර්ක කළේය. ඒ අවස්ථාව ලැබෙන්නේ මේ අලිඛිත බලය හේතුවෙන් බව හෙතෙම පෙන්වා දුන්නේය. දයාසිරි මන්ත්‍රීවරයාත් මෙම විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීමට පාදක වූ  නීතිපති වාර්තාව සහ ‍ෙ ලේකම් මණ්ඩලයේ වාර්තාව ඉල්ලා සිටියේය.

නලීන් බණ්ඩාර ජයමහ නැගී සිට කීවේ පැවසුවේ එංගලන්තයේ අවශ්‍ය තරම්   නියෝජ්‍ය ඇමතිවරුන්ට විශ්වාසභංග ගෙනැවිත් ඇති බවය.”මේ ආණ්ඩුව සම්ප්‍රදාය අනුගමනය කරන්නේ නැතිනම්   ලේකම් මණ්ඩලයේ තීන්දුව අපට පෙන්වන්න. ආණ්ඩුවට පුලුවන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අස් කරලා වෙන කෙනෙක් පත් කරන්න. මොකක්ද මේ කරන්නේ.” නලීන් බන්ඩාර මන්ත්‍රීවරයා කීවේය.

අනතුරුව පිළිතුරු දීමට නැගී සිටි සභානායක බිමල් රත්නායක පැවසුවේ ඕනෑම යෝජනාවක් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව රැගෙන එන ලෙසත් ඒ අවස්ථාවට මහුණ දීමට ආණ්ඩුව සූදානම් බවත්ය.

“ ඇත්ත ප්‍රශ්නය නියෝජ්‍ය අමාත්‍යවරුන්ට විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්න බෑ   දැන් වැඩේ ඇනගෙන තියෙන්නේ.” එසේ කී සභානායකවරයා කතා කරද්දී විපක්ෂය දැඩිව ‍ඝෝෂා කර විරෝධය පලකරන්නට විය. ඔහු  ජෝෂප් මයිකල් පෙරේරා කතානායක ධූරය දැරූ වකවානුවේ මර්වින් සිල්වාට සහ මහින්ද රත්නතිලකට එරෙහිව කටයුතු කළ ආකාරය සම්බන්ධව උදාහරණ දක්වමින් අදහස් දක්වද්දී  සභාව පාලනයෙන් ගිලිහී ගියේය.

කතානායකවරයා සභාව විනාඩි 10ක් කල් තැබුවේය.

විනාඩි 10කින් පසු පාර්ලිමේන්තුව රැස් වූයේය. ඉන් අනතුරුව සභානායකවරයා තමන්ට පැහැදිලි කිරීමට නොහැකි වූ තර්කය ඉදිරිපත් කරමින් සිටින විට සභාවෙන් දිගින් දිගටම බාධා ඇති වුනේය.

ඕනෑම කෙනෙකුට විරුද්ධව විශ්වාසභංග හො වෙනත් යෝජනාවක් ඉදිරිපත් කරන්න  පුලුවන් පාර්ලිමේන්තුව ඇතුළෙ. විශ්වාසභංගයක් අරන් ඇවිත් ඒක ඇනගත්තට පස්සේ දැන් කඩාකප්පල් කරන්න හදනවා.  අපි කොහොත්ම පිළිගන්නෙ නෑ පාර්ලිමේන්තුවේ කාලය කා දැමීම.

මේක මැර තර්ජනයක්. පරණ පොහොට්ටුවෙ කාලකණ්ණි සංස්කෘතිය ආපහු මේ පෙන්වන්නේ.   මේ ජනවරම දන්නේ නැති,  මිනිස්සුන්ව තේරෙන්නෙ නැති මිනිස්සු. පාර්ලිමේන්තුවෙ අමිර්තලිංගම්  විපක්ෂනායකවරයාට විශ්වාසභංගයක් ඉදිරිපත් කරලා තියනවා. අපි කවුරුත් දන්නවා. පාර්ලිමේන්තුව තුළ තනතුරුධාරී පිරිසක්. කතානායක, නියෝජ්‍ය කතානායක, අගමැතිවරිය, කැබිනට් ඇමතිවරු, ආණ්ඩුපක්ෂයේ සංවිධායක, සභානායක, විපක්ෂ නායක සහ විපක්ෂ සංවිධායක.

නියෝජ්‍ය ඇමතිවරයෙක් කියන්නේ පාර්ලිමේන්තුව තනතුරක් දරන අයෙක් නෙමෙයි. ඒක තේරුම් ගන්න. විපක්ෂ නායකය අමිර්තලිංගම් මැතිතුමාට විශ්වාසභංග ගේන්න පුලුවන්.  අරුණ ජයසේකර මහත්මයා ඒ වගේ  නිශ්චිත තනතුරක් පාර්ලිමේන්තුව තුළ දරන්නේ නෑ. ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා ආරක්ෂක ඇමතිට සහාය දීමට. තවත් නියෝජ්‍ය ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා ජනාධිපතිවරයා යටතෙ.

නියෝජ්‍ය ඇමතිවරයාට  ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ මුදල් වාර්තාවක්වත් ඉදිරිපත් කරන්න බෑ. නියෝජ්‍ය අමාත්‍යවරයාට වගකීම් තියනවා. නමුත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න බෑ. විශ්වාසභංගයෙක්  පැරදුනත් බලපෑමක් නෑ. සිද්ධ වෙන්නේ නීත්‍යානුකූලව බලපෑමක් ඇතිවෙන එක.

දිගින් දිගටම බාධා සිද්ධ වෙද්දී සභානායකවරයා විපක්ෂයට හැරී කීවේ මේ දෝෂාභියෝගය කොළඹ නගරසභාවේ චන්දවලින් පරාද කරන බවය.  “මේ මොන ලපයි සිපයිද “ . සභානායකවරයා ලපයි සිපයි කී සැනින් යලිත් සභාව ඇවිලුනේය. ආසනවලින් නැගී සිටි විපක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භය මැදටත් ආහ.  කතානායකවරයා සභාව පවත්වා ගැනීමට උත්සාහ කර ප්‍රශ්න අසන්නට මන්ත්‍රීවරුන් නම් කරන විට නලීන් බණ්ඩාර ජයමහ සහ රෝහණ බණ්ඩාර ඇසුවේ ලපයි සිපයි ගැන ප්‍රශ්නයක් ඇති බවය. ලපයි ජනාධිපති බවත් සිපයි විපක්ෂය බවත්  නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය.

යළිත් ලපයි සිපයි නිසා සභාව ඇවිලුනේය.  ලපයි සිපයි වචනය ඉවත් කරගෙන සමාව ගන්නා ලෙස සභානායකවරයාගෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලූහ. සභානායකවරයා කීවේ මෙවැනි වචන මොනතරම් පාර්ලිමේන්තුව ගර්භය තුළ සංසරණය වෙනවාද යන්නය.

කතානායකවරයා එම වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස දැන්වූයේය. වචන අල්ලාගෙන පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් කර නොගන්නා ලෙස කතානායකවරයා ඉල්ලුවේය. ඝෝෂාකළ පිරිස් පාර්ලිම්න්තු ගර්භයෙන් පිටවි ගියහ.

මේ වනවිට අසීරුවෙන් පාලනය කරගත් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු කෙරමින් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව – නේපාලය අතර ගුවන් ගමන් ඇරඹෙයි…

Next Post

බුත්තල සැරසූ මහසිළු දළ ඇතාත් යන්නම යයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.