හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධව ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.
අද (29) උදෑසන ලන්සා කොච්චිකඩේ පොලිස් ස්ථානයට භාර වූ බව පොලිසිය තහවුරු කළ අතර පසුව ඔහු විධිමත් ලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
දේපළ හානි සම්බන්ධ සිද්ධියට ඔහුගේ සම්බන්ධය සොයා බැලීම සඳහා විමර්ශනය දැනට සිදුවෙමින් පවතී.







