වර්ෂ 2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ටෙන්ඩරයක් සඳහා මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව ප්රකාශවන බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීම සඳහා අධිචෝදනා පත්‍ර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වනවිට සකස් කරමින් පවතින බව වාර්තා වේ.
සන්ඩේ ටයිම්ස් පුවත් පතට අනුව අමාත්‍යවරයා ඇතුළු දෙදෙනකුට රුපියල් මිලියන අටක අයථා පරිහරණය සම්බන්ධයෙන් ඒ අනුව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
වත්මන් බලශක්ති ඇමති කුමාර ජයකොඩි 2015 වසරේදී පොහොර සංස්ථාවේ අදාළ ටෙන්ඩරය ප්රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර ඊට අදාල ගෙවීම් සිදු කර ඇති ආකාරය සහ බැඳුම්කරය තැන්පත් කර ඇති ආකාරය පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසු අල්ල්ස කොමිසම විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.







