මේ වනවිට බන්ධනාගාර රෝහලේ පසුවන රක්ෂිත බන්ධනාගාරගත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දුක සැප බැලීම පිණිස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණියේය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් අද උදෑසන සිට බන්ධනාගාර රෝහලට ආහ. මුජ්බර් රහුමාන්, දිලීප වෙදආරච්චි, නලීන් බණ්ඩාර, ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් අද උදේ රනිල් වික්‍රමසිංහ දැක ගැනීමට එක් වුහ.
පහත දැක්වෙන්නේ අද දෙරණ එම අවස්ථාව ආවරණය කර තිබුණු ආකාරයයි.







