හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සුදත්ත තිලකසිරි ඊයේ ( 22) දින සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මේ අතර සිය එක්ස් අවකාශයේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට පෙරම යූ ටියුබ් නාලිකාකරුවෙක් ඒ පිළිබඳ අනාවැකියක් පළ කිරීම අහඹු සිද්ධියක් විය නොහැකි අතර එය සැලසුම් කරන ලද්දක් දැයි සැක මතුවන බවය.
A YouTuber predicting the arrest of a former President before it even happens? That can’t be a coincidence, could it be planned? If true, it’s a sad day when something as sacred as law and order is reduced to cheap theatrics.
— Sajith Premadasa (@sajithpremadasa) August 22, 2025
හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පෙර රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයින් පිරිසක් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එසේ වූයේනම් අප පාරිශුද්ධත්වයෙන් සලකන නීතිය හා සාමය හුදෙක් පහත් රංගනයක් බවට පත්වන ශෝකජනක දිනයක් උදාවී ඇති බවද විපක්ෂ නායකවරයා තැබූ එක්ස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.





