සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද බස්නාහිර පළාත තුළ අඛණ්ඩ වර්ජනයක් අරඹයි!

by editor
අගෝස්තු 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ – 

  • අද දිනය තුළ දී රෝහල් 31ක් එක් වෙයි… වර්ජනයට හේතුව  බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය වරියගේ අත්තනෝමතික හැසිරීම බව වර්ජකයෝ කියති!         

බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්  අද (21 වෙනිදා) උදෑසන 8 සිට අඛණ්ඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කර ඇත.

අද රාත්‍රියේ රැස්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ නායකයන් සහ බස්නාහිර පළාත් සභා රෝහල්වල සියලුම සාමාජිකයන්ගේ සාකච්ඡාවේදී මෙම තීරණයට එලඹි  බවත් ඒ අනුව ඊයේ (20) උදෑසන 8.00ට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ආරම්භ කළ මෙම වර්ජනයට අද (21) දිනය තුළදී  රෝහල් 31ක් සහභාගි වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම  පැවසුවේය.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය ට අවතීර්ණය වීමට සිදුවූයේ බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය විසින් විනිවිදභාවයකින් තොරව අත්තනෝමතික ලෙසින් නිලධාරීන් රෝහල් වලින් ස්ථානමාරු කිරීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන්  යැයි ලේකම්වරයා පවසා සිටියි.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරියගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වගකිවයුතු සියලු පාර්ශවයන් මේ වන විට දැනුවත් කර ඇති අතර මෙම නිලධාරීනිය ඇතුලු සමහර නිලධාරීන් සෞඛ්‍ය වෘත්තිකයන් නොසන්සුන් කොට වර්ජන වලට පොළඹවා රෝගීන්, රජය සහ වෘත්තිකයන් අපහසුතාවයට පත්කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම වර්ජනය අඛණ්ඩ ක්‍රියාමාර්ගයක් ලෙස ආරම්භ කරන අතර ජීවිතාරක්ෂක සේවා ආවරණය අදාල රෝහල් අධ්‍යක්ෂකවරුන් ලබා දෙන සහයෝගය මත සිදුකිරීමට සාමාජිකයන් වෙත උපදෙස් ලබා දී ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ගැටලුවට විසඳුමක් ලැබෙන ඕනෑම අවස්ථාවක වර්ජනය අවසන් කිරීමට සූදානම් අතර විසඳුම් නොලැබේ නම් තවදුරටත් ක්‍රියාමාර්ග දැඩි කිරීමට මේ වන විට සියලු සාමාජිකයන් පූර්ණ එකගතාව ලබා දී ඇතැයිද පැවසේ.

වර්ජනය හේතුවෙන් සියලු විකිරණ පරීක්ෂණ සේවා, CT පරීක්ෂණ සේවා, සියළු රසායනාගාර පරීක්ෂණ සේවා , ඖෂධ නිකුත් කිරීම,  බෙදාහැරීම ඇතුලු පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ විසින් සිදුකරන සියළු සේවා අඩාල වෙන බව බලමණ්ඩලය අවධාරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනාගත ඡන්ද දිනන්න නම් සජබ ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙක් තනතුරු අත්හැරිය යුතුයි… චමින්ද විජේසිරි කියයි!

Next Post

සීහෙළ ගොතම සිරි සම්බුද්ධ නිකායට එරෙහිව ත්‍රෛනිකායික මහා නායක හිමිවරු නෛතික පියවර ගැනීමට සැරසෙති…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.