ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වීමට නියමිතව තිබේ.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපීමෙන් පසු, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පොලිස්පති තනතුර සඳහා ප්‍රියන්ත වීරසූරියගේ නම පසුගිය දා යෝජනා කළේය.
එම යෝජනාව පිළිබඳ විමසා බැලීම සඳහා මෙම රැස්වීම හෙට පස්වරු 1:30 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.







