ශ්රී ලාංකේය යොවුන් ධාවන ශූර යෙවාන් ඩේවිඩ් 2026 FIA Formula 3 තරග වාරය සඳහා සුදුසුකම් ලැබූ පළමු ලාංකිකයා බවට පත්වීමට සමත්ව තිබේ.
ඒ, AIX රේසිං කණ්ඩායම සමග ඔහු ලබන වසරේ තරගාවලිය සඳහා අත්සන් කිරීමත් සමඟයි.
යෙවාන් මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර, එහිදී මේ දක්වා ජයග්රහණ හතරක් අත්පත් කරගෙන තිබේ.
ඔහු අගෝස්තු මස මුලදී GB3 හි හොඳම 10 දෙනා අතරට පැමිණීමට ද සමත් විය.
ඊට පෙර, ඔහු 2024 වසරේදී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතා සඳහා ද තරග කර තිබේ.







