පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 11 වන දා දක්වා කල් තැබීම අද (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය නියෝග කළහ.
ඒ අද අදාළ නඩුව නවරත්න මාරසිංහ, ප්‍රදීප් අබේරත්න සහ සූජීව නිශ්ශංකගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.
මෙම නඩුවට අදාළව නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 24කට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි. එහිදී විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මැදය.
. මෙම නඩුකරයට අදාළව විත්තිකරුවකු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් මෙම නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 11 වන දා දක්වා කල් තිබුණි.







