පසුගිය මස 31 වැනි දින දක්වා නීති විරෝධී ගිනි අවි 2089ක් අත් අත් අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට පැවසුවේය.
ඒ අතර ටී 56 ගිනි අවි 18ක්, පිස්තෝල ගිනි අවි 49ක්, රිවෝල්වර 44ක්. ඒකේ47 ගිනි අවි 01ක්, බඳින හා බෙහෙත් කොටන තුවක්කු 1773ක්, බෝර 12 තුවක්කු 189ක්, ගල් කටස් 43ක්, රිපීටර 07ක් සහ වෙනත් 05ක් වෙන බව ඔහු කීවේය.
එමෙන්ම ඍජුවම මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධටී -56 ගිනි අවි 10ක්, පිස්තෝල 05ක්, රිවෝල්වර් 01ක්, බඳින තුවක්කු සහ බෙහෙත් කොටන තුවක්කු 05ක්, බෝර 12 තුවක්කු 03ක්, වෙනත් තුනක් ලෙස ගිනි අවි 27ක් අත් අංගුවට ගෙන ඇති බවත්, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම සහ තුවාල කිරීම සම්බන්ධව ටී -56 ගිනි අවි දෙකක්, පිස්තෝල ගිනි අවි 07ක්, රිවෝල්වර් 02ක්, බඳින තුවක්කු 10ක්, බෝර 12 තුවක්කු 07ක් ගල් කටස් 01 සහ වෙනත් ගිනි අවි 04ක් ලෙස ගිනි අවි 33ක් අත් අඩංගුවට ගෙන ඇති බව ඇමතිවරයා පැවසුවේය..







