හක්මණ – නිරෝෂා නිල්මිණි
දෙවිනුවර පෙරහර ඊයේ (04) වීදි සංචාරය කරමින් තිබිය දී කෝපයට පත් ඇතෙක් ඇත් ගොව්වාට පහර දීම හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කර තිබේ.
ඇතා ගමන ප්‍රමාද කිරීමත් සමග ඇත්ගොව්වා කරන බලහත්කාරය ඉවසා ගත නොහැකිව එක්වරම හිසින් පහර දෙන ආකාරය වීඩියෝ දර්ශනයක සටහන් වී ඇත.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. උත්පලවන්න විෂ්ණු දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ තුන්වන දිනය ඊයේය. සවස 6.55ට පමණ පෙරහර ආරම්භ වී තිබිණි.
පෙරහැර ආරම්භ වී සුළු වේලාවකින් දකුණු වහල් කඩ අසලදී එහි ගමන්ගත් ඇතෙකු එක් වරම ඇත් ගොව්වාට පහරදුන්නේය.
ඇත්ගොව්වා වහාම මාතර මහ රෝහලට රැගෙන යන අතර ඔහු මේ වනවිට රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් ඇත. කෙසේ වෙතත් ඇත්ගොව්වාගේ තත්ත්වය බරපතල නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
විමර්ශන අංශ පවසන්නේ දිගින් දිගටම පෙරහැර අතර තුර ඇතාට හෙන්ඩුවෙන් ඇන හිරිහැර කිරීම නිසා ඇතා කෝපයට පත්ව පහර දී ඇති බවය.
පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.







