වැලිමඩ සිට මීගමුව දක්වා අවදානම් සහිත මාර්ගයක දීර්ඝ ගමනාන්තයක් අතර තුර බීමත් ලංගම බස් රථ රියදුරෙක් නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව රියදුරා අත් අඩංගුවට ගන්නේ බස් රථය වැලිමඩ සිට මීගමුව දක්වා නියමිත ධාවනයක යෙදෙමින් සිටියදී ය. .
අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය රියදුරු අසුන අසල මත්පැන් බෝතල් ද සොයාගෙන ඇත.
මෙම බස් රථය දිවුලපිටිය ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථකි. බීමත් රියදුරු අත් අඩංගුවට ගැනීමෙන් පසුව ගමනාන්තය දක්වා බස් රථය රැගෙන යෑම සඳහා ආදේශක රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු යොදවා ඇත.
අත්අඩංගුවට ගත් රියදුරු හෙට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







