නීති විරෝධී ලෙස සුඛෝපභෝගී වාහයනක් එකලස් කර විකිණීම සම්බන්ධව සිදුවෙමින ඇති විමර්ශනකයට අවශ්‍ය වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබේ.
මීට මාස හතරකට පෙර වැඩ බලන පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් කළ දීර්ඝ විමර්ශනයකට පසු ඉකුත් 19 දා උක්ත වාහන අත් අඩංගුවට ගනු ලැබුවේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ගේ පුත්‍රයා වූ රසික විතාන සන්තකයේ තිබියදී ය.
ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබුණේ මෙම වාහනය තමන් මිලදී ගන්නේ රෝහිත අබේගුණවර්ධනගේ දියණියවන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් බවය. අවසානායේ දී රසික විතාන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේය. පෙරේදා (22) මෙම ප්‍රශ්නගත වාහනය මිලදී ගත් ආකාරය සම්බන්ධව ඉතා දීර්ඝ විස්තරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පාර්ලිමේන්තුවේ දී ද සිදුකළේය.
මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඉකුත් 19 වැනිදාම පොලිසිය නාගොඩ පිහිටි රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගේ නිවසට යන විට ඇය සහ ඇයගේ ස්වාමිපුරුෂයා වූ ධනුෂ්ක වීරක්කොඩි සැඟවී පලා ගොස් තිබිණි. ඔවුන් අත් අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය. දින 06ක් පුරා ඔවුහු සැඟවී උන්හ.
එසේ සැඟවී සිටි රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගේ සැමියා වූ ධනුෂ්ක වීරක්කොඩි අද මතුගම අධිකරණයට භාර වූයේය.







