අ.පො.ස. (සා/පෙළ) 2024(2025) විභාගයට අදාල ප්රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම්පත් කැඳවීම 2025.07.14 සිට 2025.07.28 දක්වා මාර්ගගත ක්රමයට පමණක් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ගේ අත්සනින් යුත් එම නිවේදනයේ දැක්වෙන්නේ ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් නිකුත් කරන අයදුම්කරුවන් තමන් විසින්ම සිය අයදුම්පත මාර්ගගත ක්රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු බවය.
එම නිවේදනය පහත දැක්වේ.








