සූරියවැව නුවන් ජයසේකර –
අම්බලන්තොට,තිස්සමහාරාම, හුංගම ඇතුළු ප්‍රදේශ රැසකින් සොරකම් කරන ලද TVS SUPER HEVY DUTY මෝපේඩ් වර්ගයේ යතුරුපැදි 10 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්තොට පොලිස් වසමේ බැල්ලගස්වැව ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රී අම්බලන්තොට පොලිසියේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය, හඳපානාගල පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු හා වැල්ලවාය, ගලවැට ආර පදිංචි 26 හැවිරිදි අයෙකි.
සැකකරුවන් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිස් ස්ථානාධිපත වරයාට ලද පුද්ගලික තොරතුරකුට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. එහිදි සැකකරුවන් සන්තකයේ තිබී අම්බලන්තොට පොලිස් බළ ප්‍රදේශයේදී සොරකම් කරන ලද යතුරු පැදි 05ක් , හුංගම පොලිස් බළ ප්‍රදේශයේදී සොරකම් කරන ලද යුතුරු පැදි 02ක් හා තිස්සමහාරාම පොලිස් බළ ප්‍රදේශයෙන් සොරකම් කරන ලද යතුරු පැදි 03ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී 42 හැවිරිදි පුද්ගලයා සන්තකයේ තිබි අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 14270 ක්ද පොලිස් අත්අඩංගුවට ගෙනක ඇත.
සැකකරුවන් කලක් තිස්සේ මෙලෙස මෙම යතුරුපැදි සොරකම් කර ඒවායේ චැසි අංක හා යතුරු පැදියේ පාට වෙනස් කර විකිණීමේ ජාවාරමේ නිරතව ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී ඇත.
සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්. අමිල ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.







