අල්ලස් කොමිසමේ නිලධාරියෙකුට තර්ජනය කිරීමේ චෝදනාව මත අද (07) උදෑසන අත්අඩංගුවේ ගත් විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ජූලි 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෙද්‍ය මහේෂි විජේරත්න මේ වනවිට ඉන්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.
ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය EVD සහ VP SHUNT යන අයිතම වෛද්‍ය සැපයුම් අංශයෙන් රෝහලවෙත ලබාගෙන රුපියල් 17500කට රෝගීන්ට ලබා දිය හැකි පසුබිමක එම අයිතම වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර තමන් විසින් පාලනය වන බාහිර ආයතනයකින් රෝහලේ තමන් ප්‍රතිකාර කරන රෝගීන්ට රුපියල් එක් ලක්ෂ විසි දහසේ සිට දෙලක්ෂ ලක්ෂ පනස් දහසක් දක්වා මිලකට අලෙවි කිරීමෙන් දූෂණයක් සිදුකර ශ්‍රී ජයවර්ධනපු රෝහලට මෙන්ම රෝගීන්ටත් අගතියක් සිදුකරමින් තමන් හෝ තමන් අනුදත් පාර්ශවයකට අධික ලාභ උපදවාදීම සම්බන්ධව මෙම විශේෂඥ වෛද්‍යවරිය ප්රමුඛ තිදෙනෙක් අත් අඩංගුවට පත් වන්නේ පසුගිය මස 17වැනිදා ය.
ඇයගේ ඊලඟ නඩු දිනය යෙදී ඇත්තේ හෙට (08) ටය. පොලිසිය පැවසුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළ බවට චෝදනා කරමින් ඇයව අද (07) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවය.
21 හැවිරිදි තරුණිය කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.







