ලලිත් චාමින්ද –
8 වසරේ ඉගනුම ලබන පාසල් ශිෂ්‍යාවක් පාසල් යාමට නිල ඇදුමින් නිවසේ සිට පැමිණ වදුරඹ පොදු වැසිකිලියට ගොස් නිල ඇදුම් ගලවා සිවිල් ඇදුමකින් සැරසී ඇයගේ පෙම්වතා යයි හදුන්වනු ලැබූ තරුණයකු සමග පැන යාමට සුදානම්විමේ දි ප්‍රදේශවාසින් විසින් කාන්තා පොලිස් නිලධාරිනියකගේ සහාය ඇතිව සිසුවිය හා පෙම්වතා අල්ලා පොලිසියට භාරදි ඇති බව වදුරඹ පොලිසිය පවසයි.
මෙම සිසුවියගේ ක්‍රියාකලාපය අවට සිටි පිරිස් විසින් දැක රාජකාරි සඳහා පොලිසිය වෙත ගමන් කරමින් සිටි කාන්තා පොලිස් නිලධාරිනියකට දැන්වීමෙන් පසු එම නිලධාරිනිය සිවිල් ජනයාගේද සහාය ඇතිව එම පාසල් ශිෂ්‍යාව හා පෙම්වතා යැයි පැවසු අය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.
මෙසේ පොලිස් අත් අඩංගුවට පත්වී ඇත්තේ අට වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් හා වදුරඹ හෝටලයක සේවය කරන තරුණයෙකු බව පොලිසිය කියයි.
පසුව වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. සී. අයි. ක්‍රිෂාන්ත ප්රමුඛ නිලධාරීන් මෙම ශිෂ්‍යාවට හා එම තරුණයාට අවවාද කර ඔවුන්ගේ දෙමාපියන් කැඳවා දෙමාපියන්ටද අවවාද කර දරුවන් භාරදුන් බැව් පොලිසිය කියයි.
තවද බාල වයස්කාර දැරිවියකට සිදුවීමට ගිය බරපතල අපරාධයක් වදුරඹ බස් නැවතුම් පොලෙහි රාජකාරී කළ වේලා සටහන් කරන නිලධාරී, ජනතාවගේ හා කාන්තා පොලිස් නිලධාරීනියගේ ස්ථානෝචික ක්‍රියාත්මක වීම හා අවධානය නිසා වැලකි ඇති බැව් පොලිස් ස්ථානාධිපති පැවසිය.
වදුරඹ පොලිස් ස්ථානාධිපති ප්රමුඛ නිලධාරීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියාකාර ඇති අතර අදාල ශිෂ්‍යාව හා එම තරුණයා අත් අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන යාම අංක 10233 කාන්තා පොලිස් කොස්තාපාල් පියුමි විසින් සිදුකර ඇත.







