දිනසේන රතුගමගේ –
වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක බෞද්ධ විහාරස්ථානයක් ඉදි කිරීමට යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕමන්තේ ජනතාව ඊයේ ( 1 ) උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුලු වගකිවයුතු නිලධාරීන් රැසකට පෙත්සම් යවා තිබේ.
ඔවුන් එම පෙත්සමේ සඳහන් කොට ඇත්තේ විහාරස්ථානය ඉදි කිරීමේ කටයුත්තට පළාතේ පොලීසියෙන්ද විශාල අනුග්‍රහයක් ලැබෙන බ.
ඕමන්තේ වැසියෙකු විසින් කාලයක් තිස්සේ පරිහරණය කරනු ලබන ඉඩමක මෙම බෞද්ධ විහාරස්ථානය ඉදි කිරීමට පියවර ගෙන ඇති අතර එම පළාතේ බෞද්ධයින් නොමැති නිසා විහාරස්ථායක් ඉදි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඉන් පළාතේ සාමයට හා සහජීවනවයට විශාල බාධාවක් එල්ලවිය හැකි බවද පෙන්වා දෙති.
ඉඩමේ අයිතිකරු විසින් ඔහුගේ ඉඩමට නිසි බලපත්‍රයක් ලබා දෙන ලෙස අදාල බලධාරීන්ගෙන් කීප විටක්ම ඉල්ලා ඇතත් මේ වන තුරු ඔහුට නිසි බලපත්‍රයක් නිකුත් කොට නොමැති බව පවසන ඕමන්තේ වැසියෝ එය ඉඩම් හිමියාගේ වරදක් නොව නිලධාරීන්ගේ අතපසුවීමක් බවද උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට හා පළාතේ දෙමළ දේශපාලනඥයින්ට පෙන්වා දෙති.
මේ සියලු කරුණු ගැන සලකා බලා වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමට ගෙන යන වැඩ පිලිවෙළ වහාම නවතා දෙන ලෙස ගම්වාසීන් එම බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.







