ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, දින 12 ක් පුරා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් ඉරාන ජාතිකයින් 610 දෙනෙකු මිය ගොස් තවත් 4,746 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පුද්ගලයින් 971 දෙනෙකු රෝහල්ගතව සිටින අතර 687 දෙනෙකු සැත්කම්වලට භාජනය කර ඇති බවයි ඉරාන රජයේ ප්‍රකාශක හොසේන් කර්මන්පූර් පැවසුවේ .
මියගිය අය අතර ළමුන් දහතුනක් සිටින අතර, බාලම දරුවා මාස දෙකක දරුවෙකි. ගැබිනි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් 49 දෙනෙකු ද මිය ගිය අය අතර වෙති.
සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව ඔහු පැවසීය. හදිසි ප්‍රතිචාර කඳවුරු හයක්, සායන හතරක් සහ ගිලන් රථ නවයක් මෙන්ම රෝහල් හතකට හානි සිදුවී ඇත







