දිනසේන රතුගමගේ –
මුලතිව් සිලාවත්ත තීර්තකරෙයි ප්රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකුට මුහුද මැදදී කිසියම් පිරිසක් විසින් පහර දී මරා දමන්නට ඇතැයි සැක කරණ මුලතිව් පොලීසිය අද (22) විශේෂ පරීක්ෂණයක් අරම්භ කොට තිබේ.
සිලාවත්ත ගම්මානයේ පදිංචි වින්සන්පෝල් ඇන්ටෝනි කරුනාල් නැමති මෙම ධීවරයා තනිවම කුඩා බෝට්ටුවකින් මුහුදු ගොස් ඇති අතර ඔහුගේ බෝට්ටුව හා ඇදුම් 21 දා ගොඩබිමට ගසා ගෙන විත් ඇතත් ධීවරයාගේ මළ සිරුර මෙතෙක් හමු වී නොමැත.

මුහුදුගිය ධීවරයින්ගේ ප්රකාශවලට අනුව එම ධීවරයාට කිසියම් පිරික් විසින් පහර දෙන්නට ඇතැයි විශ්වාස කරණ මුලතිව් පොලීසිය එදින මුහුදු ගිය ධීවරයින් විශාල පිරිසකගෙන් ප්රකාශ සටහන් කරගෙන තිබේ.
අතුරුදහන් වී ඇති ධීවරයාගේ මළ සිරුර ගොඩ බිමට ගසා ගෙන එනු ඇතැයි අපේක්ෂාවෙන් ඔහුගේ ඥාතීන් විශාල පිරිසක් මුලතිව් තීර්ථකරෙයි මුහුදු වෙරළේ දිවා රෑ දෙකෙහිම රැදී සිටිති.
මුලතිව් පොලීසිය හා නාවික හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







