ලලිත් චාමින්ද –
ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවිමේ දි ජාතික ජනබලවේගය ශ්‍රිලංකා පොදුජන පෙරමුණ හෝ අනිකුත් විපක්ෂයේ පක්ෂ සමග කිසිදු එකඟතාවයක් හෝ ගිවිසුමක් නොතිබු නමුත් තනතුරු බෙදාගැනීමට පොදු විපක්ෂය අතර නම් ගැටුමක් නිර්මාණය වි තිබු බව ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ පවසයි.
ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවිම සම්බන්දයෙන් අදහස් දක්වමින් නගරාධිපතිවරයා මෙසේද කිවේය.
ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවිමේ දී අපිට විවිධ අය කථා කළා. සජබේ සහ පොහොට්ටුවේ අයත් කථා කළා. වරදාන, වරප්‍රසාද ලබා නොදෙන බව අපි පැහැදිලිවම ඒ අයට සඳහන් කළා. අපි අතර කිසිදු ගිවිසුමක් කොන්දෙසියක් නැහැ. නියෝජ්‍ය නගරාධිපතිධුරය නම් නොකර සිටිමට හැකි බව පමණක් සදහන් කළා.
නමුත් නගරවැසියන් වෙනුවෙන් සියලු සභිකයින් පක්ෂ භේදයෙන් තොරව සහයෝගයෙන් වැඩ කළයුතුයි. සියලුම කොට්ඨාසවලට සංවර්ධන වැඩකටයුතු සමානව බෙදීයන ආකාරයට කටයුතු කරනවා. කොට්ඨාස මට්ටමින් මුදල් ප්‍රතිපාදන වෙන්කරනවා. සියලු සභිකයින් සමග නගරයේ ජනතාව වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කරණවා”. ගාල්ල නගරාධිපතිවරයා සදහන් කළේය.







