කොළඹ නගරාධිපතිනිය ලෙස තමන්ගේ පත්වීම පුද්ගලිකව නොගන්නා ලෙසත්, තමන් නියෝජනය කරන්නේ කරගන්නේ දීර්ඝ කාලීන ජනතා ව්‍යාපාරයක සාමුහික ප්‍රතිඵලයක් ලෙසින් බවත් කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් අද (18) පැවසුවාය.
ඇය කීවේ ප්‍රජා මූලික නගරයක් නිර්මාණය කිරීමේ අරමුණ වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව නගර සභිකයින් සියලු දෙනා ඒකරාශීව කටයුතු කළ යුතු බවත් ඒ සදහා ආරාධනා කරන බවත්ය.
ඇය මේ බව ප්‍රකාශ කළේ 1956න් පසු එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත පක්ෂයක් නොවන දේශපාලන ව්‍යාපාරයක් කොළඹ නගර සභාවේ බලය අත් පත් කරගනිමින් කොළඹ නගර ඉතිහාසයේ දෙවැනි පුරපතිනිය ලෙස දිවුරුම් දෙමිනි.
මේ සභාවේ මුල් පුටුවට මා පත්වීම පෞද්ගලිකව ගන්න එපා කියන පණිවිඩය දෙන්න ඕන. මොකද මේක මහජන ව්‍යාපාරයක්. මේක සාමුහික ක්‍රියාවලියක ප්රථිඵලයක්. මා මේ පුටුවෙ ඉන්නෙ විශාල කණ්ඩායමක අවුරුදු ගණනාවක වෙහෙස මහන්සිය නියෝජනය කරමින් මම මෙතන ඉන්නෙ
අපේ ජනතාවගේ අභිලාෂයන් සහ අපේක්ෂාවන් එක්කයි මම මෙතන අද ඉන්නේ. අපේ සාර්ථකත්වය තියෙන්නෙ පක්ෂ පාට භේදවලින් තොරව අපි 117 දෙනාටම එකට වැඩ කරන්න පුලුවන්නම් විතරයි. එතකොට තමයි දියුණු තිරසාර ප්‍රජා මුලික නගරයක් නිර්මාණය කරන්න හැකි වෙන්නේ.
ඔබ සියලු දෙනාගේම සහයෝගය මට ලබා දෙන්න. ඒ විශ්වාසයෙන් මගේ උපරිම ධෛර්ය ශක්තිය අපේ නගරයේ ජනතාව වෙනුවෙන් ලබා දීමට පොරොන්දු වෙනවා. ලස්සන නගරයක ලස්සන ජීවිත ගොඩ නගන්න අපි එකතු වෙමු.







