ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සැඟවී සිටින්නේ කොහේදැයි එක්සත් ජනපදය දන්නා නමුත් “දැනට” ඔහුව මරා දැමීමට අවශ්‍ය නොවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ ආකාරය AP පුවත් සේවය වාර්තා කරයි.
ට්‍රම්ප් මෙසේ පවසන්නේ ඉරාණයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර මෙම ගැටුම නිමා කරන බවට ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ ප්‍රකාශයක් කර ඇති පසුබිමකය. ABC පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වී එහි මාධ්‍යවේදියෙක් කමේනි ඝාතනය කිරීමේ සැලැස්මක් ඇතිදැයි ඊශ්‍රයාල ඇගමැතිවරයාගෙන් ඇසූ විට ඔහු ප්‍රකාශ කළේ තමන් කළ යුත්ත කරමින් සිටින බවය.
අයතුල්ලා අල් කමේනි ගැනගේ මරණය පිළිබඳ සිහි කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ දින පහක ඊශ්‍රායල-ඉරාන ගැටුම තවදුරටත් උත්සන්න නොකර ඉරානයේ “කොන්දේසි විරහිත යටත් වීමක්” අවශ්‍ය බවය. ඔහු ඒ බව දන්වා සිටින්නේ සමාජ මාධ්‍ය සටහනකිනි.
ජී -7 සමුළුව අතරමගදී කැනඩාවේ සිට යළි සිය රටට පැමිණි ට්‍රම්ප් අද (17) අලුයම ධවල මන්දිරයට පැමිණියේය. ට්‍රම්ප් වොෂින්ටනයට ආපසු යන විට, එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉරාන නායකයින් කෙරෙහි සිය කලකිරීම ප්‍රකාශ කර තිබිණි. ඔහු අවධාරණය කරන්නේ ගැටුමට “සැබෑ අවසානයක්” සහ ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන “සම්පූර්ණයෙන්ම අත්හැරීමක්” අවශ්‍ය බවය. මේ සඳහා තවත් සාකච්ඡා පවත්වමින් සිටීමේ මනෝභාවයක තමන් නැති බවද ට්‍රම්ප් Air Force Oneහි වාර්තාකරුවන්ට පවසා තිබිණි.
ට්‍රම්ප් මෙසේ කියන්නේ ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා පමණක් බව අවධාරනය කරද්දීය. එම ස්ථාවරය තහවුරු කරමින් ටෙහෙරානය ක්‍රියාකාරීව බෝම්බයක් පසුපස හඹා නොයන බව එක්සත් ජනපද බුද්ධි අංශ තක්සේරු කර තිබෙද්දීය.







