2025 තායිවාන මලල ක්රීඩා විවෘත තරගාවලියේදී ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් ආකර්ෂණීය දස්කම් දක්වමින් පදක්කම් දෙකක් දිනා ගත්හ.
කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 56.62 ක විශිෂ්ට විසිකිරීමක් සමඟින් රිදී පදක්කම දිනා ගත්තාය. ශ්රී ලංකාවේ හොඳම පිටිය ඉසව් ක්රීඩිකාව ලෙස ඇයගේ තත්ත්වය ඇය තවදුරටත් තහවුරු කරගත්තාය.
එමෙන්ම චමෝද් යෝදසිංහ ඉතා තරඟකාරී පිරිමි මීටර් 100 අවසන් තරගයේදී ලෝකඩ පදක්කම ගත්තේය. ඒ තත්පර 10.38 ක ත් කාලයක් වාර්තා කරමිනි. ඔහු දැනට ලංකාව නියෝජනය කරනා ඉහළම කෙටි දුර ධාවන ශූරයන් අතරට පැමිණියේය.







