කොළඹ නගර සභාවේ මංගල රැස්වීම ජූනි මස 16 වැනිදා පැවැත්වන බව දන්වමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
එක් දේශපාලන පක්ෂයකට හෝ කණඩායමකට බලය පිහිටුවීමට අවශ්‍ය බහුතරය නොමැති වටපිටාවක 16 වනිදා නගර ශාලාවේ පැවැත්වීමට නියමිත මංගල රැස්වීමේදී, නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුවනු ඇත.
ජුනි 16 වන දින උදෑසන 9.30 කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වීමට නියමිතයි.







