ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) පැවැත්විණි.
දේශීය අවශ්‍යතාව සපුරාලීම සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාර බවට පත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
දේශීය කිරි කර්මාන්තයේ පිරිවැය අවම කරගනිමින් සහ පවත්නා සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගත් කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කළේය.
පසුගිය වසරට වඩා මේ වසරේ මුල් කාර්තුවේදී මිල්කෝ ආයතනයේ නිෂ්පාදන ධාරිතාවෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව මිල්කෝ ආයතනයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිකා ප්‍රනාන්දු, මිල්කෝ ආයතනයේ සභාපති ජී.වී.එච්. ගෝඨාභය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්. පෙරේරා සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







