ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඇරඹීමට සැලසුම් වී ඇත.
බදු අනුකූලතාවය ඉහළ නැන්වීම ප්‍රධාන වයෙන්ම බදු පදනම පුළුල් කිරීම අරමුණු කරගත් බදු සතිය බදු ශක්ති ලෙස නම් කර තිබේ.
අද සිට ලබන 07වනදා දක්වා වු සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත සඳහන් කළේය.







