මහජනයාගේ ආරක්ෂාවට සම්බන්ධ අමාත්‍යාංශයක ඉහළම පෙළේ නිලධාරියෙකුගේ පහත් හැසිරීම හේතුවෙන් මේ වනවිට මාලිමාව බලයට පත් කරගැනීම සඳහා ගොනුකරගත් බොහෝ පොලිස් නිලධාරීන් බලවත් කලකිරීමට පත් වෙමින් ඇතැයි විශ්වාස පොලිසිය අභ්‍යන්තරයෙන් එන විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේ තැනැත්තා රටේ කුප්‍රකට ඩීල් කාරයෙක් ලෙස හඳුන්වන නිශ්ශංඛ සේනාධිපති නැමැත්තා සමග ගොඩනගාගෙන ඇති සමීප සම්බන්ධතාවය මෙන්ම තමන්ට අකමැති පිරිස්වලින් පලි ගැනීමට සමාජ මාධ්‍යකරුවන් කණ්ඩායමක් සමග ඔහු ආරම්භ කර ඇති පහත් පෙළේ ක්‍රියාන්විතය බව එම ආරංචි මාර්ග පවසයි.
අවස්ථා ගණනාවක දී මෙම පුද්ගලයාගේ කාර්යාලයට නිශ්ශංක සේනාධිපති පැමිණ ඇති බවත්, ඔහු පැමිණෙන්නේ විශාල පුද්ගලික ආරක්ෂකයින් කණ්ඩායමක් පිරිවරා ප්‍රදර්ශනාත්මක ස්වරූපයෙන් බවත් මෙවැනි ප්‍රාථමික විගඩම් මේ රජයේ කිසිවෙක් යටතේ බලාපොරොත්තු නොවුන බවත් කලකිරුණු නිලධාරීහු පවසති.
මින් පෙර මෙම නිලධාරියා අල්ලස් හෝ දූෂණ කොමිසමේ ප්‍රධානියෙකුට නිශ්ශංක සේනාධිපති මුණගස්වන්නට උත්සාහ කළ අතර එම ප්‍රධානියා මේ පිලිබඳව ජනාධිපතිවරයාද දැනුම්වත් කර තිබිණි.
මොහුට මේ ආකාරයෙන් හැසිරෙන්නට සදාචාරාත්මක බව ආරක්ෂා කරන ජනතාවගේ ආණ්ඩුවක් බව ලෝකයට කියන මාලිමා ආණ්ඩුව ලයිෂන් දී ඇතිදැයි මේ වනවිට පොලිස් පොඩ්ඩෝ ප්‍රශ්න කරමින් සිටිති.







