පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභික නාම ලේඛන භාර දීමට නීතිමය කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බවත් මේ වනවිට බලය පිහිටුවීමේ නිශ්චයතාවයක් නැති පළාත් පාලන ආයතන 178ක් සඳහා ඉදිරි ක්‍රියාවලියට එක් විය හැක්කේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද සභිකයින් ලයිස්තුවට පමණක් බවත් මැතිවරණ කොසම යළිත් අද (30) සිහි කළේය.
පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභික නාම ලේඛන භාර දෙන්නැයි මීට පෙර අවස්ථා තුනකදී දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට මැතිවරණ කොමිසම දැනුම් දුන් බව අද මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
“මැතිවරණයෙන් පසු අපි දින 25ක කාලයක් ලබා දීලා තිබුණා මේ පේක්ෂකයින් නම් කිරීම සඳහා පක්ෂ ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම් නාකයින්ට. ජූනි මස 02 දින සිට පළාත් පාලන ආයතන ආරම්භ කිරීම අවශ්‍ය වෙලා තියනවා. ඒ අනුව එම කටතු ක්‍රියාත්මක කරන්න අද මධ්‍යම රාත්‍රී 12ට පෙර සියලුම සභිකයින් නම් කර ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව අපි සති අන්තයේ දී අදාල ගැසට් නිවේදනය පල කරනවා. ”
“මේ වනවිට පළාත් පාලන ආයතන 161ක සභාපති සහ අනෙක් තනතුරු සඳහා ගැටලුවක් නෑ. සියයට 50ක් හෝ ඊට වැඩි සභිකයින් ලබා ගත් පක්ෂවලට ඒ සඳහා අවස්ථාව ලැබිලා තියනවා. තව ආයතන 178ක සභාපති නියෝජ්‍ය සභාපති නගරාධිපති තනතුරු පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මැදිහත්වීමෙන් තමයි එම කාර්ය භාර්යය කරන්න සිද්ධ වෙන්නේ.
මෙම කාර්ය භාර්ය සඳහා ගැසට් නොකරන ලද කිසිදු සභිකයෙකුට සහභාගී වෙන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අදාල ලේකම් විසින් නම් එව්වොත් තමයි ගැසට් කරන්න පුලුවන් වෙන්නේ. ගැසට් පත්‍රයේ පළවෙන අයට පමණයි ඉදිරි කටයුතු සඳහා සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නෙ. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.







