ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ක්‍රීඩා පනත සංශෝධනය කරමින් නිකුත් කළ නව ගැසට් පත්‍රය මගින් පනවා ඇති ඇතැම් නීති රෙගුලාසි ගැන ක්‍රීඩා ක්ෂේත්රයේ කතා බහට ලක්ව ඇත.
විශේෂයෙන්ම ප්‍රධාන නිලතලවල වසර අටකට වඩා සිටිය නොහැකි බවටවන රෙගුලාසිය අනුව ක්‍රිකට්, මලල ක්‍රීඩා, රග්බි, වූෂු, පාපන්දු වැනි ක්‍රීඩාවල දැනට අරක්ගෙන සිටින නිලධාරීන් වැඩි පිරිසකට නැවත පරිපාලනයට ඒම අවහිර වීම නිසා ඔවුන් කලබලයට පත්ව ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් පරිපාලනයෙන් එළවා ගත නොහැකිව සිටින ඇතැම් නිලධාරීන් ඉවත් කර ගැනීමට ලැබෙන මෙම නව රෙගුලාසි පිළිබඳව මේ ක්‍රීඩා වල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ප්‍රසාදය පළ කරති.
මේ අතර පූර්ව වැරදි වලට සම්බන්ධවූවන්ට හා තරග පාවා දීම් චෝදනා ලැබූවන්ට නිලතලොවලට ඉදිරිපත් විය නොහැකි බවට වන රෙගුලාසිය නිසා ක්‍රිකට් බලධාරීන් කිහිප දෙනෙකුම කලබලයට පත්ව ඇතැයිද වාර්තා වේ.
විශේෂයෙන් භාණ්ඩාගාරික තනතුරුවලට ඉදිරිපත් වන්නන් ඒ සඳහා සුදුසුකම් සපුරා තිබිය යුතුය යන රෙගුලාසිය නිසා දැනටමත් එවැනි තනතුරු දරණ ඇතැම් නුසුදුස්සන්ටද යළි ඉදිරිපත් වීමට නොහැකි වනු ඇත.
මෙම ගැසට් පත්‍රය ඉදිරියේ පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අතර පසුගිය වසරේ මැයි මාසයේ එවකට සිටි ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු විසින් එතෙක් පැවති ක්‍රීඩා පනත අහෝසි කරමින් ඒක පාර්ශ්වීය ලෙස නිකුත් කළ ගැසට් පත්‍රය මේ දක්වා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොතිබීම නිසා එහි වලංගු භාවය ගැන නීති අංශවල අධීක්ෂණයට ලක්ව තිබේ.







