මනම්පිටිය නිමල් ජයරත්න –
ඓතිහාසික කන්දේගම දානිගල කඳු මුදුනේ පැය ගණනාවක් අතර මං වී සිටි පාසල් දරුවන් සිව්දෙනකු, පැය තුනක පමණ මෙහෙයුමකින් පසු, නිරුපද්‍රිතව මුදවා ගැනීමට අද (27) අරලගංවිල විශේෂ කාර්ය බලකාය, අරලගංවිල පොලිසිය හා දම්මින්න දෙවන රෙජිමේන්තුවේ සෙබලුන් පිරිසක් සමත් වූහ.
මොවුන් අද උදෑසන දානිගල තරණය කර තිබෙන අතර, අතරමං වීමෙන් අනතුරුව ඔවුන් කෑකෝ ගසන හඬ කන්දේගම ධනංජය රජමහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ඇසී ඒ බව අරලගංවිල පොලිසියට දැනුම්වත්කොට තිබේ.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අරලගංවිල පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ දම්මින්න යුද හමුදා කඳවුර එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු දරුවන් සිව්දෙනා සොයාගැනීමට හැකිවී තිබේ.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය, නව නගරය ප්‍රදේශයේ පදිංචි 17 වන වියෙහි පසුවූ තරුණයන් දෙදෙනෙකු මැදගම යහළුවෙකුගේ නිවසට පැමිණ තිබෙන අතර එම යාළුවන් දෙදෙනාද කැටුව සිව්දෙනා දානිගල කන්ද තරණය කර තිබෙන අතර
එහිදි ඔවුන් කඳු මුදුනේ අතරමං වී තිබෙන බව අරලගංවිල පොලිසිය කියයි.
මෙම පාසල් දරුවන් සිව්දෙනා අද රාත්‍රියේ දෙමව්පියන්ට භාරදීමට කටයුතු කරන බව අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් සෙනෙවිරත්න අප කළ විමසීමකදී පැවසීය.







