සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇය නොවන්න මා නෑ… මාලනිය රැජණක් වූයේ කෙසේ දැයි අනෝජා හඬා වැටෙමින් කී කතාව…

by editor
මැයි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාලනී ෆොන්සේකා හෙළ සිනමාවේ රැජණ වූයේ කෙසේ දැයි නිදහස් චතුරශ්‍රයේ පැවති  අවමංගල සභාව අමතමින් අපේ සිනමාවේ තවත් අග්‍රගණ්‍ය නිළියක වූ අනෝජා වීරසිංහ අද ( 26)  රටට කියා දුන්නාය.

අනෝජා නිලියක වූයේ මාලනීයගේ සෙවනැල්ල යට බව ඇය අද හඬා වැටෙමින් අනාවරණය කළාය. අනෝජා මාලනිය ගැන කී ඒ කතාව මෙසේය.

“රටේ හැමොටම ඇය නිළි රැජන… නමුත් ඇය මට මාලනී අක්කා. මගේ නෝනේ. මගේ සිනමා ජීවිතයේ පළමු ගුරුවරිය. ”

“මම සිනමාවට පා තබන්නට පෙර මොනරාගල සහ සහ බදුල්ලේ හැදී වැඩී කුඩා දැරියක්ව සිටිය දී මම මාලනී අක්කාව අනුකරණය කළා. ඇය මෙන් කතා කරන්නට දෙබස් කියන්නට ඇවිදින්නට ගී ගයමින් නටන්නට මා උත්සාහ කළා. ඇය මගේ සිනමාවේ වීරවරිය වූවා.”

“මම චරිතයක් නිරූපණය කළ පළමු චිත්‍රපටය යසපාලිත නානායක්කාර මහතා නිශ්පාදනය කළ මොණරතැන්න. එහිදී ලෝක පූජිත මේ රංගන ශිල්පිනිය සමග ඇයගේ යෙහෙළිය ලෙස මුලු චිත්‍රපටය පුරාම එකට රඟපාන්නට මා භාග්‍ය ලැබුවා. එතකොට මා අතිශය ආධුනික, නවක නිලියක යැයි කියන්නටවත් අත්දැකීමක් නැති ගම්බද කෙල්ලක්. ඒ චිත්‍රපටය මගේ පළමු රංගනය දුටු සියල්ලෝම මට හිනා වුනේ මගේ විකාර රූපී රංගනයටයි. ”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“හැමෝම හිනා වුනත් මාලනි අක්කා හිනා වුනේ නෑ. ඇය මාව පැත්තකට අරන් කියා දුන්නා වේදිකාවේ මෙන් ඈතට පේන්න අපි රඟපෑම නොකළ යුතු බව. දෙබස් වැඩිදුර උච්ඡාරණය නොකළ යුතු බව. සිනමා කැමරාව බෙහෙවින්ම සියුම් නිසා හෙමිහිට පොඩි දෙයක් කරන්න කියලා එයා කරලා පෙන්නුවා. එදයින් පස්සේ මට වැරදුනේ නෑ.”

“ඇගේ ගුරුහරුකම් මගේ සිනමා ජීවිතය පුරාම මට ආලෝකයක් වුනා. ඒ තමයි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා…”

“රැජණකට තිබිය යුතු ගුණාංග අපි හැමෝටම හැම මොහොතකම ඇයගෙන් දකින්න ලැබුනේ මේ විදිහටයි. එතුමියත් මමත් චිත්‍රපට අටක පමණ රංගනයෙන් එකට දායක වුනා. සිතිවිලිවලින් හැඟීම්වලින් සහෝදරත්වයෙන් අපි ඉතා සමීප වුනා. අප හැමගේම ආදරණිය මාලනී අක්කා ගැන පැය ගණනාවක් වුවද කතා කිරීමට හැකියාව තිබුණත් මා මේ අවමංගල්‍ය සභාවේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න මා අවසර දිය යුතුයි. ”

අනතුරුව පැමිණ සිටි පිරිස පිළිගෙන අනෝජා වීරසිංහ සිය කතාව මෙසේ නිමා කළාය.

ආදරය සෙනෙහස සතුට සොම්නස වගේම දුක වේදනාව තනිකම හුදකලාව සම සිතින් දරාගත් මේ ප්‍රේමණීය ගැහැණිය ගැන මතකය සදාකාලිකයි. භෞතිකව ඇය මිය ගියත් අපේ අධ්‍යාත්මය තුළ හෙටත් ඇය ජීවමානයි. ඇයගේ සිනාව ඇයගේ කටහඬ ඇයගේ නිම නොවන ආදරය, හෙටත් ජීවමානයි.

මාලනී අක්කේ… මගේ නෝනේ… අප ආයේ භෞතිකව හමුවෙන්නේ නෑ. අපේ මතක මං පෙත් තුළ අප සමග ඒ කිංකිණි සිනාව නගමින් ඔබ හැමදාව ඇවිද යන බව විශ්වාසයි. සසර ගමන කෙටි කරගන්නට මතු භවයන්හිදී ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා. නිර්වාණයම සාක්ෂාත් වේවා.

හෙළ සිනමාවේ සොඳුරු රාජිණියනි. ඔබට සුව නින්දක්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සජබ සභාපති ධූරය යළි බාරගන්නා ලෙස ඉම්තියාස්ගෙන් කළ ඉල්ලීම ඔහු යළිත් ප්‍රතික්ෂේප කරලා!

Next Post

මාලනියගේ ප්‍රාර්ථනාව වූයේ කලාකරුවන්ට මේ ආර්ථික ක්‍රමය තුළ ස්ථාවර සමාජ ජීවිතයක් ගොඩනැගීමයි… එය සැබෑවක්ම වේවා! – රවීන්ද්‍ර රන් දෙණිය කියයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.