දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන සඳුදා (26) නිදහස් චතුරශ්‍රයේ දී සිදු කරන බව රජය අද නිවේදනය කළේය.
මේ පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මාලනී ෆොන්සේකාගේ නිවෙසේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ අවමංගල කමිටුව රාජ්‍ය කමිටුවක් ලෙස ජනාධිපති ලේකම්වරයාගේ සහ රාජ්‍ය පාරිපාලන ලේකම්වරයාගේ මූලිකත්වයෙන් අද සවස 1ට රැස්වන බවය.
“හෙට උදේ 10 සිට අප හිතනවා මෙතුමියගේ දේහය තැන්පත් කරන්න සුදුසුම තැනක් තමයි චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලා පරිශ්‍රය. හෙට උදේ 10 සිට තරංගනී ශාලා පරිශ්‍රයේ තැන්පත් කෙරෙනවා දේහය. ”
ඉන් පසු 26 වැනිදා සඳුදා සවස අවමංගල කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුවෙනවා නිදහස් චතුරශ්‍රයේ දී. ”







