බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රවුන්ස් හිල් නඩුව ලං වෙනකොට බැසිල්ට වෙච්චි දේ… පුටුවෙන් වැටිලා ස්නායු ආබාධයක් ඇවිත්… ගුවන් ගමන් යන්න එපා කියලා වෛද්‍ය වාර්තාවක් අධිකරණයට…

by editor
මැයි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • 3වන සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී නොසිටීමට සාධාරණ  ඉදිරිපත් නොකරන්නේ නම් ඔහුගේ ඇප අවලංගු කර වරෙන්තු නිකුත් කරන – නීතිපති දෙපාර්තමේන්තුව

  • වෛද්‍ය වාර්තා අනුව මගේ සේවා දායකයාට ගුවන් ගමන් යෑම නුසුදුසුයි… ඊලඟ නඩු වාරයේ දී අධිකරණයට ඉදිරිපත් වෙනවා… – විත්තියේ නීතිඥ

  • මේ වෛද්‍ය වාර්තා පිළිගන්න බෑ… ඇප අවලංගු කර අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන්න – නීතිපති දෙපාර්තමේන්තුව

  • නීතිපති දෙපාර්තමේන්තුව හරි කැමතියි මගේ සේවාදායකයා රාජපක්ෂලා ලොකු ලෙඩක් හැදිලා මැරිලා යනවා නම්. මේ හදන්නේ මගේ සේවා දායකයා හොරා කියලා කියන්න… ඔහු අධිකරණය මග හරින්නෙ නෑ… මින් පෙර නඩුවාර 23කට ඇවිත් තියනවා. ඇප අවලංගු කිරීම අනවශ්‍යයයි- විත්තියේ නීතිඥ

  • නීතිපති දෙපාර්තමේන්තුව කිසිම අයෙක් පුද්ගලයින් වශයෙන් ගෙන ක්‍රියා කරන්නේ නෑ… – නීතිපති දෙපාර්තමේන්තුව

අයථා ලෙස උපයා ගත් මුදල් භාවිතා කරමින් මාතර ප්‍රදේශයේ බ්‍රවුන්ස් හිල් හි ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධව විභාගවන නඩුවකට අදාලව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නොවැම්බර් 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මාතර මෙහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස අද (23) නියෝග කළේය.

ඒ සිද්ධියට අදාල නඩුව අද අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය. නීතිඥවරුන් අද අධිකරණයට දැනුම් දුන්නේ බැසිල් රාජපක්ෂ පුටුවකින් ඇදවැටී අනතුරකට ලක්වීම නිසා අද අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවය.

මෙම නඩුවේ පළමු සැකකරු තිස්ස ගල්පපත්තිය. දෙවැනි සැකකරු ලෙස නම් කර ඇත්තේ මුදිත ජයකොඩිය. තුන්වන සැකකරු බැසිල් රාජපක්ෂය. සිවුවන සැකකරිය බිරිය ඔහුගේ බිරියගේ සහෝදරියවන අයෝමි ගලප්පත්ති නම් කර තිබේ.

නඩුව කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් පැවසුවේ නඩුවේ තුන්වන සැකකාර බැසිල් රාජපක්ෂ අධිකරණය මගහැරීමේ අවධානමක් ඇති බැවින් ඇප මත සිටින සැකකරුට වරෙන්තු නිකුත් කරන ලෙසය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙසේ පැවසුවාය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

” ස්වාමීනී. අද දින අධිකරණයේ මෙම නඩුවට අදාලව සැකකරුවන්වන එක දෙක සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිනවා. තුන්වන සැකකාර බැසිල් රාජපක්ෂ මහතා පෙනී සිටින්නේ නෑ අද දින අධිකරණයේ. ඔහුගේ ඇපකරුවන් අධිකරණය හමුවේ ඉන්නවා. ”

“2024 සැප්තැම්බර් 18 වැනිදා මෙම අධිකරණය ලබා දුන් නියෝගය අනුව තුන්වන සැකකරුට විදේශගතවීම සඳහා ලබාදීමට දුන් කාලය අවසන්. ඒ අනුව 2016 ජූලි මස 30 වැනිදා සැකකරුඑ නිකුත් කළ ඇප නියෝග අනුව අද දිනි සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතියි. අද දින 3වැනි සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීමට සාධාරණ හේතු ඔහුගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් නොකරන්නේ නම් සැකකරුට වරෙන්තු නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.” නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.

මේ අවස්ථාවේ දී සැකකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිට ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට දන්වා සිටියේ සිය සේවා දායකයා හදිසි අනතුරුකට මුහුණ දී සිටීම නිසා අධිකරණය හමුවට පැමිණීමට නොහැකි වූ බවය.

ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කීවේ මෙවැන්නකි.

” ස්වාමීනි. මගේ සේවාදායකයා මැයි 18 -19 ලංකාවට පැමිණීමට ගුවන් ගමන් ටිකට්පත් වෙන් කළා. නමුත් ඔහු හදිසියේ පුටුවකින් ඇදවැටී අනතුරකට ලක් වුනා. ඒ නිසා ඔහු දැන් හිසෙහි සහ බෙල්ලේ ස්නායු ආබාධයකට ලක් වෙලා ඉන්නවා. ඔහු ඊට ප්‍රතිකාර ගන්නවා. ඊට අදාල වෛද්‍ය වාර්තා මේ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරනවා. ස්වාමීනි… මේ වෛද්‍ය වාර්තා අනුව මගේ සේවා දායකයාගේ රෝගී තත්ත්වයේ ස්වභාවය මත ඔහුට ගුවන් ගමන් යෑම නුසුදුසු බව වෛද්‍යවරයා පවසා තිබෙනවා.”

“මගේ සේවාදායකයා සිතා මතා අධිකරණය මග හරින්නේ නෑ. ඔහු අධිකරණ අවසරයක් මතයි විදේශ රටකට ගියෙත්. ඉදිරි නඩු දිනයේ ඔහු අධිකරණය හමුවේ පෙනී සිටිනවා. ඒ නිසා මගේ සේවාදායකයාගේ ඇප අහෝසි කිරීමක් හෝ ඔහුට වරෙන්තුවක් නිකුත් කිරීම අනවශ්‍යයයි ස්වාමීනී.”

එම කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනි ගිරිහාගම පැවසුවේ සැකකරුගේ රෝගී තත්ත්වයක් පිළිබඳව පැමිණිල්ලට නිසි දැනුම්වත් කිරිමක් කර නැති නිසා ඇප පනතේ 14/1 වගන්තිය ප්‍රකාරව කරුණු දැක්වීමක් සිදුකළ යුතු බවය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුනු දැක්වූයේ මෙසේය.

“ස්වාමීනී. තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවට ලේඛන කීපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඇතුළත් වාර්තා දෙකක් ද තිබෙනවා. ඉන් එක් වෛද්‍ය වාර්තාවක් නිකුත් කර තිබෙන්නේ 2025 මාර්තු 18 වැනිදා. ඒ වෛද්‍ය වාර්තාව අනුව ඔහුගේ ඉරියවුවල වැරදි හේතුවෙන් සාමාන්‍ය ආතරයිටීස් තත්ත්වයකින් ඔහු පසුවන බව වෛද්‍යවරයා පවසා තිබෙනවා. ”

“ඒ වෛද්‍ය වාර්තාව තුළින් ලබා දී තිබෙන නිර්දේශ දින 14ක් යනතුරු ක්‍රියාත්මක කරන ලෙස සහ යම් කිසි ධරුණු තත්ත්වයක් ඇතිවුවහොත් වහාම රෝහලට පැමිණෙන ලෙස එම වෛද්‍යවරයා නිර්දේශ කර තිබෙනවා. ඔහු දින 14කින් පසු නැවත අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ගත් බවක් මේ වෛද්‍ය වාර්තාවලින් ඉදිරිපත් වී නැහැ. එවන් පසුබිමක ස්වාමීනී, 2025 අප්‍රේල් ඉඳන් ඔක්තොම්බර් 15 දක්වා සැකකරුගේ රෝගී තත්ත්වය මත පදනම්ව ඔහුට ගුවන් ගමන් නුසුදුසු බවට තවත් වෛද්‍යවරයෙක් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තා පිළිගත නොහැකියි.”

ඒ වගේම ස්වාමීනි යම් සැකකරුවෙකුට එරෙහිව විමර්ශනයක් නඩුවක් විභාග වෙනවා නම් ඊට ඔහු පෙනී නොසිටින්නේ නම් ඔහුගේ ඇප අවලංගු කිරීමටත් වරෙන්තු නිකුත් කිරීමටත් අධිකරණයට බලයක් තියෙනවා.

මෙම සැකකරු ඔබතුමාගේ අවසරය මත විදේශග වී සත්‍ය යැයි පෙනෙන අසත්‍ය  වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර අධිකරණය මගහරිනවා.” නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නාය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ප්‍රකාශ කළේ සිය සේවා දායකයා හසිදි අනතුරකට මුහුණ දීමෙන් අධිකරණයට පැමිණීමට නොහැකි වීම සත්‍යයක් බවය. සිය සේවාදායකයා රාජපක්ෂ පවුලේ කෙනෙක් නිසා සැකකරුට එරෙහිව වරෙන්තු ගැනීමට උත්සාහ කරන බවත් ජනාධිපති නීතිඥවරයා කීවේය.

” ස්වාමීනි. නීතිපති දෙපාර්තමේන්තුව නොකළ යුතු දෙයක් මේක. මගේ සේවාදාකයා රාජපක්ෂ කෙනෙක් වීම නිසයි නීතිපති දෙපාර්තමේන්තුව මෙසේ කටයුතු කරන්නේ. ආයතන නොමග යවලා අපි කටයුතු කරලා නෑ. ඒක පිළිකුල් සහගතයි.

” මෙතුමිය මේ කියන්න උත්සාහ කරන්නේ මගේ සේවාදායකයා හොරා කියලනේ. මගේ සේවා දායකයා නඩු වාර 23කට අධිකරණයට ඇවිත් තියනවා. මට වෛද්‍ය විද්‍යාව සම්බන්ධව නම් දැනුමක් නෑ. මම දන්නේ නෑ මගේ සේවාදායකයා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා ඇත්ත ද බොරුද කියලා. ”

“මම හිතන්නේ නෑ ලංකාවේ වෛද්‍යවරු වගේ ඇමරිකාවේ වෛද්‍යවරුත් හොරු කියලා. නීතිපති දෙපාර්තමේන්තුව හරි කැමතියි මගේ සේවාදායකයා රාජපක්ෂලා ලොකු ලෙඩක් හැදිලා මැරිලා යනවා නම්. හොඳ වුනත් නරක වුනත් ඒ මිනිස්සුත් ලංකාවේ ඉන්න ඕන. හොඳයි උනත් නරකයි උනත් ඒ මිනිස්සුත් ලංකාවේ ඉන්න ඕනේ. මගේ සේවා දායකයා අද ආවෙ නැත්තේ අසනීප තත්ත්වයක් නිසා. ඉදිරි නඩු දිනයේ අධිකරණයට එනවා ඔහු. ඒ නිසා ස්වාමීනී මේ අවස්ථාවේ ඔහුට වරෙන්තු නිකුත් කිරීමක් හෝ ඇප අවලංගු කිරීමක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නෑ.”

අනිල් සිල්වාට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම පිළිතුරු දෙමින් ප්‍රකාශ කරන්නී නීතිපති දෙපාර්තමේන්තුව කිසිම අයෙක් පුද්ගලයින් වශයෙන් ගෙන ක්‍රියා කරන්නේ නැති බවය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මාතර මෙහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස  බැසිල් රාජපක්ෂට නොවැම්බර් 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින නියෝග කළේය. ( නිවුස් ෆස්ට්)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ විදුලි ගාස්තු අඩු කළ හැක්කේ ලංවිම මෙහෙයුම් පිරිවැය අඩු කිරීමෙන් පමණයි… මහ බැංකු අධිපති කියයි!

Next Post

අම්පිටියේ සුමනරතන හිමියන්ට ඇප….

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.