බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුර ඉඳන් නඩු අහන තාක්ෂණය අධිකරණ පද්ධතියට ගෙනෙන අලුත් සංශෝධනය…

by editor
මැයි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දුරස්ථ ක්‍රමවේදය හරහා අධිකරණ කටයුතුවලට පෙනී සිටීම සහ සාක්ෂි ලබාදීම රටේ නෛතික රාමුව තුළට එක්කරමින් ඊට නෛතික වලංගුභාවයක් ලබාදීම මුල් කරගත් අපරාධ විධි විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත අද (23) අධිකරන ඇමති හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේය.

අධිකරණ ක්ෂේත්‍රය තුළට තාක්ෂණය බද්ධ කරගෙන රජය දරන පිරිවැය අවම කිරීම, සැකකරුවන්ගේ සහ චූදිතයින්ගේ ආරක්ෂාව වඩාත් තහවුරු කිරීම, මානව සම්පත් කළමනාකරණය මෙන්ම නඩු කටයුතු වේගවත් කිරීම, සාක්ෂි කරුවන්ගේ කාලය ශ්‍රමය මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීම සදහා සිදුවන මෙම සංශෝධනය අධිකරණ ක්ෂේත්‍රය තුළම ඇති වූ විශාල පිම්මක් බව අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවට කීවේය.

පනත ඉදිරිපත් කරමින් ඇමතිවරයා මෙසේ ද පැවසීය.

මෙය වසර ගණනාවක් පරක්කු වෙච්චි සංශෝධනයක්. නවීන තාක්ෂණය අපේ අධිකරණ පද්ධතිය තුළට ගෙන ඒමේ අභියෝගය ජය ගැනීමට තමයි මේ සංශෝධන කෙටුම්පත අපරාධ නඩු විධි විධාන සංග්‍රහයට ඉදිරිපත් කරනු ලබන්නේ.

අප දන්නවා අපේ අපරාධ නීතිය අනුව නඩුවක් විභාග කිරීමේ දී එම අධිකරණ පරිශ්‍රය තුළ විත්ති කාරයොත් ඉන්න ඕන, සැකකරුවොත් ඉන්න ඕන, ඒ වගේම සාක්ෂි දෙන පුද්ගලයත් අධිකරණයට ඇවිත් සාක්ෂි කූඩුවට නැගලා දිවුරුම් දෙන්න ඕන.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ පාර්ශවයන්ගෙන් එක් අයෙක්වත් අසනීපයක් වෙලා හරි අධිකරණයට ඉදිරිපත් වෙන්න බැරි වුනොත් එදාට නඩුව කල් යනවා. එතකොට අනෙක් ඔක්කොම රස්තියාදු වෙනවා. මේක විශාල ප්‍රශ්නයක් වෙලා තිබුනා අපේ ක්ෂේත්‍රයට. නමුත් එය දැන් නවීන තාක්ෂණය හරහා වෙනස් කරගන්න අවශ්‍ය නීති සංශෝධනයක් අපි මෙතනින් ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා.

Low-and-oder

සුලබ තාක්ෂණය අධිකරණ පද්ධතියට…

මේ 144 වගන්තිය ප්‍රකාරව අධිකරණය ඉදිරියේ පෞද්ගලිකවම පෙනී සිටින්නේ නැතිව සමකාලීන දෘෂ්‍ය මාධ්‍ය හරහා සම්බන්ධ වීම…. මේකේ ඉතාම සුලබ තාක්ෂණයක්. නමුත් අපේ නීතිය වෙනස් වෙලා තිබුණෙ නෑ මේක ආරෝපණය කරගන්න.

මේකේ ප්‍රධානම දේ තමයි සැකකරුවෙක් අධිකරණයට ගේන්නේ නැතිව සාක්ෂිකරුවෙක් අධිකරණයට ගේන්නේ නැතිව දුරස්ථ ස්ථානයක සිට ඒ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මගින් කොහොමද සාක්ෂි දෙන්නේ… එහි විශ්වාසනීයත්වය රඳවන්නේ කොහොමද යනාදී වශයෙන් කරුණු සාක්ෂාත් කරගැනීමට ආපු පනතක්.

එමෙන්ම අපි දන්නවා අපේ විනිශ්චයකාරතුමන්ලා විශේෂයෙන්ම කොරෝනා සමයේ දී නීතියේ ප්‍රතිපාදනයක් නොතිබුණත් තිබුණ තත්ත්වයන් සැලකිල්ලට ගෙන සූම් තාක්ෂණය හරහා නඩු කටයුතු කළා. අද ඒ සියලුම දේවල් නීත්‍යානුකූල පදනමට අපි ගෙනත් තියනවා.

පෞද්ගලිකව පෙනී සිටීම අත් හැරිය හැකි අවස්ථා

මේක තේරුම් ගත යුතුයි. 147 (අ) හි තියනවා අධිකරණය ඉදිරියේ පෞද්ගලිකවම පෙනී සිටීම අත්හරිනු ලබනන් පුලුවන්… කොයිවගේ අවස්ථාවලදි ද..

  • රඳවා තබා ගැනීම දීර්ඝ කළ යුතු අවස්ථාවකදි… අපි දන්නවා සැකකරුවෙක් රිමාන්ඩ් එක්ටෙන්ෂන් එක කරන්න උසාවි ගේන්න ඕන. මේ පනතින් පස්සේ ඕඩියෝ විෂුවල් එක හරහා කරන්න පුලුවන්.
  • ඇප ඉල්ලීමක් කරන්න දැන් අධිකරණයට එන්න අවශ්‍ය නෑ. ඕඩියෝ විෂුවල් එක හරහා පුලුවන්.
  • යම් විමර්ශනයක අපරාධ නඩුවක් සම්බන්ධව ඉල්ලීමක් කරන්න තියනවා නම් එදාට සැකකරු කැඳවන්න අවශ්‍ය වෙන්නේ නෑ. එමෙන්ම නඩුකාර තුමන් මහේස්ත්‍රාත්වරයා සිතන ඕනෑම සුදුසු අවස්ථාවක ඔහු නොකැඳවා ඕඩියෝ විෂුවල් ලින්ක් හරහා කරන්න පුලුවන්.
  • හැබැයි ඒ වගේම මේ ඉල්ලීම කරන්න පුලුවන් සැකකාරයාට හෝ චූදිතයාට. එහෙමත් නැතිනම් නීතිපතිවරයාට. අදාල පොලිස් ස්ථානය භාර නිලධාරියාට, සැකකරු හෝ චූදිතයා රඳවා ඇති බන්ධනාගාරයේ අධිකාරීවරයාට, සැකකරු හෝ සැකකරු රඳවා ඇති ස්ථානයේ ස්ථාන භාර නිලධාරියාට ඉල්ලීම සිදුකරන්න පුලුවන්.

අවසර ලබා දීමේදී නඩුකාර තුමන්ලා සැලකිය යුතු නිර්ණායක

හැබැයි මේ අධිකරණයට පැමිණෙන්නේ නැතිව පෙනී සිටීම සඳහා වූ මේ ඉල්ලීම කරන්න අවසර දීමේදී නඩුකාර තුමන්ලා භාවිතා කරන්න ඕන නිර්නායකය 4 වගන්තියේ තියනවා.

  • ඒ කියන්නේ සැකකරුගේ හෝ චූදිතයාගේ ජීවිතයට තර්ජනයක් හෝ බරපතල හානියක් පිළිබඳ සැකයක් මතුවන අවස්ථාවේ දී අධිකරණයට කැඳවන්න අවශ්‍ය නෑ.
  • ඒ චූදිත සැකකරු විසින් කළ වරදට මහජන කැළඹීමක් ඇති වෙනවා කියලා හිතනවා නම්, ඔහු අනාරක්ෂත වෙනවා නම් ඔහුව කැඳවන්න අවශ්‍ය වෙන්නේ නෑ.
  • ඔහුව ප්‍රවාහනයේ දී පලා යන්න පුලුවන්, කෙනෙක් විසින් පැහැර ගන්න පුලුවන් කියලා හිතනවා නම් ඔහුව ගේන්න අවශ්‍ය නෑ.
  • ඒ වගේම මොනවා හරි රෝගයක් වැළඳිලා නිරෝධායන තත්ත්වයේ ඉන්නවා නම් ඔහුව ගේන්න ඕන නෑ…

මේ හරහා සිදුවන යහපත

මෙහිදී සිදුවන මූලික දේ තමයි සැකකරුවෙක් ගත්තොත් බූස්සෙ ඉඳලා අඟුනකොලපැලැස්සේ ඉඳලා ගේන්න ඕන නෑ. ඔහුට එතන ඉඳලම ඒ ඕඩියෝ විෂුවල් ලින්ක් එක හරහා සාක්ෂි දෙන්න පුලුවන්. එයින් බන්ධනාගාරයේ සම්පත් නාස්තිය අවම වෙනව. රජයේ වියදම් අවම වෙනවා. පසුගිය කාලයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිදුවූ දේ අපි දන්නවා. ඒ ඇවිත් ඉතා නම ගිය අපරාධකරුවෙක් අනාරක්ෂිතව හිටපු කෙනෙක් එදා උසාවි ගේන්න වුනා. ඉදිරියේ දී එවැනි අවදානමක් තියන කිසිම කෙනෙක් අධිකරණයට ගේන්න ඕන නෑ. ප්‍රතිපාදන තියනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැහැදිලවම කියලා තියනවා ඔවුන්ගේ බන්ධනාගාරවල ඕඩියෝ විෂුවල් ලින්කේජ් ඔවුන් සකස් කරලා තියෙන්නෙ. ඒ වගේම උසාවිවලටත් නිලධාරියෙක් වෙන් කරලා තියෙන්නෙ. උසාවිවලටත් නිලධාරියෙක් ඉන්න ඕන ඒවා බලලා කරන්න. අන්න ඒ අවශ්‍ය ප්‍රතිපාදන හදන්න අධිකරණ සේවා කොමිෂන් සභාවත් අධිකරණ අමාත්‍යාංශයත් මැදිහත් වෙලා මේ තාක්ෂණය ක්‍රියාත්මක කරන්න සම්පත් දායකත්වය සලසනවා.

ඒ වගේම මෙහෙම දෙයක් වුනා කියලා කිසිම කෙනෙකුගේ අයිතිවාසිකම්වලට හානියක් වෙන්නේ නෑ. මොකද නීතිඥවරයෙකුට අධිකරණයේ ඒ පුද්ගලයා නියෝජනය කරන්න පුලුවන්. ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් සැකකරුට හෝ චූදිතයාට ස්වකීය නියෝජනය සිදුකිරීමටත් නඩු කටයුතු නිරීක්ෂණය කිරීමටත් පහසුකම් සලසන්න ඕන.

මේකේ තියන මූලක දේ තමයි ඔහු ඉන්න දුරස්ථ ස්ථානය මේ පනත අනුව අධිකරණයේම කොටසක් ලෙස පිළිගන්න එක. ඔහු කොහේ හිටියත්, පිටරටක හිටියත්, ඔහු දෙන දිවුරුමෙන් පසු එම නඩු කටයුත්ත අධිකරණය ඉදිරියේ සිදුවන දෙයක් හැටියට උපකල්පනය කරනවා. මක් නිසාද යත් අපේ අපරාධ නීතියෙ තියෙන්නේ සැකකරු ඉදිරියේ නඩුව විභාග විය යුතුයි කියලා.

ඒ වගේම එහෙම පෙනී සිටීම නවත්වපු අවස්ථාවලදී පැය 48ක් ගතවන්නට කලින් අදාල මහේස්ත්‍රාත්වරයාට හෝ මහාධිකරණ විනිසුරුවරයාට පුලුවන් එයාව ඉන්න තැන බලන්න නිරීක්ෂණය කරන්න. ඒ සඳහා ප්‍රතිපාදන සකස් කරලා තියනවා.

ඒ වෙගේම යම් නඩුකාර තුමෙක් එම ස්ථානය බලන්න යනවා නම් චුදිතයාගේ නීතිඥවරයෙකුටත් එම ස්ථානය බලන්න සහභාගී වන්න හැකියාව තියනවා. ඒ කියන්නේ ඔහු අධිකරණයට. නොගෙනාවට නීතියෙන් සපයා ඇති චූදිතයන්ට ඇති සියලුම අවශ්‍යතාවන් ආවරණය වන විදිහට තමයි මේක සිද්ධ වෙන්නෙ.

අධිකරණයේ  අනිවාර්ය භෞතිකව පෙනී සිටිය යුතු අවස්ථා

හැබැයි අවස්ථා කීපයක් තියනවා අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුයි දුරසථ ක්‍රමය භාවිතා නොකර.

  • ඒ තමයි පුද්ගලයෙක් මුල් වතාවට අත් අඩංගුවට අරන් මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන අවස්ථාව… ඒ අවස්ථාවෙදි අනිවාර්යයෙන් අධිකරණයට රැගෙන එන්නට ඕන.
  • ඒවගේම ඒ අත් අඩංගුවට ගත් පුද්ගලයා කියනවා නම් ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියනවා නම්, කෲරත්වයට පත්වෙලා තියනවා නම් කියලා කියනවා නම් ඒ අවස්ථාවේදී ඕඩියෝ විෂුවල් පාවිච්චි නොකර අධිකරණයට ගේන්න ඕන.
  • ඒ වගේම මහේස්ත්‍රාත්වරයාට විශාල අභිමතයක් තියනවා එහෙම කැඳවන්න හෝ නොකැඳවා ඉන්න.

මේ පනත ඉතාම පරිස්සමින් හදලා තියෙන්නේ චූදිතයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාවන ආකාරයට. ඒ වගේම මා කලින් කිව්වා මේ ප්‍රතිපාදන මහාධිකරණයටත් කියනවා.

දුරස්ථව සාක්ෂි දීම

වඩාත්ම වැදගත් වන්නේ ප්‍රවාහනයේදී සිදුවන ගැටලු සහ වියදම් විතරක් නෙමෙයි. මේ සංශෝධනයේ වඩාත්ම වැදගත් වන්නේ සාක්ෂිකරුවන්ට තියන එක. 273 (අ) තියෙන්නේ නඩු විභාගය හෝ පරික්ෂණයක් අතර සමකාලීන ශ්‍රව්‍ය දෘෂ්‍ය සම්බන්ධකයක් හරහා සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විභාග කිරීම.

සාක්කිකරුවන්ට තියන ලොකුම ගැටලුව උදේ 9 සිට හවස 2 වනතුරුත් උසාවියෙ ඉන්නවා. නඩුව කල් යනවා. ඒ වගේම සමහර වෙලාල ඔවුන් පැමිණිල්ලක් දාලා තියනවා. පැමිණිල්ල විභාග කරනකොට කල් ගිහිල්ලා. සාක්ෂිකාරයා රටෙත් නෑ. මේ ක්‍රමය හදලා තියෙන්නේ ඈත ඉඳලා දුරස්ථ ක්‍රමයට සාක්ෂි දෙන්න. අධිකරණයට එන්නෙ නැතිව.

පනතේ මේ කොටසේ තියනවා මේ රටේ ඉඳන් දුරස්ථව සාක්ෂි දෙනවා නම් ඒක කොහොමද කෙරෙන්නේ, විදේශගත වෙලා ඉන්නවා නම් විදේශගතව සාක්ෂි දෙන්නේ කොහොමද?. විදේශ රටක ඉන්න පුද්ගලයෙක් සාක්ෂි දෙන්න සූදානම් වනවිට අදාල කොන්සල් ජනරාල් කාර්යාලයේ අධිකරණය මගින් විශේෂ කොමිෂන් එකක් පත් කර සාක්ෂි දෙන්න පුලුවන්. කලින් එවන ලද දිවුරුම් ප්‍රකාශයක් හරහා සාක්ෂි දෙන්නාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම පමණයි කරන එකම දේ. එම සාක්ෂිවල විශ්වසනීයත්වය ආරක්ෂා කරන්න වැඩ පිළිවෙළක් හදලා තියනවා.

රජයේ නිලධාරීන්ට සාක්ෂි දීම සඳහා මේ ක්‍රමය යොදා ගත හැකියි. අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට රස පරීක්ෂකවරයාට වැනි නිලධාරීන්ට. වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරියටත් ඉල්ලීමක් කරන්න පුලුවන් සාක්ෂිකරුවන්ට දුරස්ථව සාක්ෂිදෙන්න.

ළමා නිවාසවල ජීවත්වන දරුවන්ට මේක ඉතාම වැදගත් වෙනවා. මේ තාක්ෂණය නිවාසගත වෙලා ඉන්න දරුවන්ට ඉතාම වැදගත් වේවි.

මේක කරන්න අමාරුවේවි. ඒත් කරන්න ඕන. අපි මේක කරනවා.

මේ පනත එළි දක්වන්න නිතිඥවරු නඩුකාරතුමන්ලා සහ ක්ෂේත්‍රයේ බුද්ධිමතුන් සහ වෘත්තිකයින් වසර ගණනක් තිස්සේ දැරෑ වෙහෙසක ප්‍රතිඵලයක් ලෙස මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණ බව අධිකරන ඇමතිවරයා කීවේ ඔවුන්ට ස්තුතිය පල කරමිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චමින්ද විජේසිරි සජබ බණ්ඩාරවෙල ආසන සංවිධායක තනතුරින් ඉල්ලා අස් වෙයි!

Next Post

රටේ විදුලි ගාස්තු අඩු කළ හැක්කේ ලංවිම මෙහෙයුම් පිරිවැය අඩු කිරීමෙන් පමණයි… මහ බැංකු අධිපති කියයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.